spot_img
spot_imgspot_img

ගාල්ලේ PHIලාට එන්නත් නොදී පුද්ගලික අංශයටත් එන්නතේ දෙවැනි මාත්‍රාව දීලා

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබිය යුතු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ඔවුන්ට  නොදී පුද්ගලික අංශය සඳහා එන්නත් ලබාදීම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා විසින් සිදු කර තිබේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමටනම් තමන් විසින් පවත්වාගෙන කරාපිටියේ කාර්යාලයට සේවය සඳහා වාර්තා කළ යුතු බවත් නගර සභාවෙන් ඉවත් වී මේ පැමිණිය යුතු බවත් වෛද්‍ය බර්ට්‍රම් පවසයි. නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ තමන් සේවය කරන්නේ ගාල්ල මහ නගර සභාවේ බැවින් එම කාර්යාලයට යාමට නොහැකි බවයි.

කෙසේ වෙතත් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එන්නත් ලබා නොදුන්න ද වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා ගාල්ලේ පෞද්ගලික රෝහල් සේවකයන්ට නම් ඉතාමත් උනන්දුවෙන් මෙම එන්නත් ලබා  දී තිබෙන බවට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති.

මේ පිළිබඳ අපි වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට තවම එන්නත දුන්නේ නැති කතාව ඇත්ත. ඒ නොදුන්නේ ඒ අය විශේෂ කරලා නෙවෙයි. නගර සභාවේ තව ගොඩක් ඉන්නවා එන්නත දීමට. ඒ අයට දෙන වෙලාවට අපි දෙනවා. නැතිව මේ කට්ටියට නොදී ඉන්නේ නැහැ. ඉතින් එයාල මගේ ළඟට එන්නේ නැහැනේ. ඒ අය නගර සභාවට වෙලා ඉන්නවා. මඟේ ළඟට ඇවිත් මා යටතේ වැඩ කරනවානම් මෙළහකටත් එන්නත විදලා.  ඔව් අපි පුද්ගලික රෝහල්වල සේවකයන්ට එන්නතේ දෙවැනි මාත්‍රාව දුන්නා. නගර සභාවේ අපිට වැඩ කරන්න බැරි නිසා අපි එළියට ආවේ. මම වැඩ කරන්නේ නගර සභාව යටතේ නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය යටතේ ඒ නිසා මම වැරදි දෙයක් කරලා නෑහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!