spot_img
spot_imgspot_img

ඔබට, ඔබේ සමීතමයකුට කොරෝනා හැදුණොත් ? (හොඳින් කියවන්න)

පුවත්

විදෙස්

ඔබ හෝ ඔබේ සමීපතමයකු ඕනෑම මොහොතක කොරෝනා ආසාදිතයකු වීමේ අවදානමක් මේ වනවිට ඇති වී තිබේ.

මෙහි වඩාත් භායනාක තත්ත්වය නම් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් දැන් ශ්‍රී ලංකාව තුළ රෝහල් ගත කිරීමේ බරපතල ගැටලුවක් ඇතිව තිබීමයි. රෝහල්වල ධාරිතාව ඉක්මවා රෝගීණ් වාර්තා වෙමින් තිබේ. එබැවින් ආසාදිතයකුට රෝහලක ඉඩක් ලැබෙන තුරු නිවසේ සිටීමට සිදුව ඇත.

එවැනි අවස්ථාවක දී කොරෝනා රෝගියකු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමත් ඔවුන් රැක බලා ගැනීමත්. තමන් කොරෝනා වෛරසයෙන් බේරී සිටින්නේ කෙසේ ද යන්නත් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම දැන සිටීම අතිශය වැදගත් වේ.

කොරෝනා ආසාදිතයකු තමන් අතර සිටින බව දැනගත් වහාම වැදගත්ම දේ වන්නේ තමන් අනවශ්‍ය ලෙස කලබල නොවීමයි. සියල්ල හොඳින් කල්පනා කර තේරුම් ගෙන සංයමයකින් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත් වේ. රෝගියාටත්, රෝගියාගේ ඥාතීන් හෝ සමීපතමයන් වන ඔබ සියලු දෙනාටත් වැදගත්ම වන්නේ එයයි.

මෙවැනි වසංගතයකින් රටම වෙළී ඇති මොහොතක තම සමීපතමයා රෝහල්ගත කළේ නැතැයි සෞඛ්‍ය අංශ හෝ පාලකයන් හෝ දෝශ දර්ශනයට ලක්කරමින් කටයුතු කිරීම ඵල රහිත දෙයක්. ඔවුන් අත වරදක් තිබිය හැකියි. සැළසුම් සහගත නොවීම, නිසි සම්බන්ධීකරණක් නොතිබීම හා අවධානය ගිලිහී යාම වැනි කරුණු හේතුවෙන් ඔබට ඇති අවස්ථාව අහිමිවිය හැකියි. අපි මෙවැනි අවස්ථාවක කළ යුතු වන්නේ රෝගියාවත් රැක බලාගන්නා අතර තමනුත් ආරක්ෂාවීමයි.

රෝගීයා වෙන් කරන්න. වෙනම කාමරයක හෝ එසේ නැතිනම් නිවසේ යම් නිශ්චිත ස්ථානයක් ඔහුට හෝ ඇයට වෙන්කර දෙන්න. බිත්තියකින් වෙන් නොවූ ස්ථානයක් වීම අවශ්‍යම නැත. රෙදිවලින් හෝ ඉටි රෙදිවලින් වෙන් කළ ස්ථානයක් වුව ද මීට ප්‍රමාණවත් වේ.

ඔබ වඩාත්ම සැළකිලිමත් වන්නේ රෝගියාගේ සුව පහසුවයි. ඔහුට හොඳින් වාත්‍රාශය ලැබිය යුතු අතරම එම ස්ථානය පිරිසිදුව තබා ගැනීමට හැකිවීමත් වඩාත් වැදගත් වනු ඇත.

මෙලෙස වෙන්කර තබන රෝගියා සමඟ කටයුතු කිරීමට නිවැසියන් අතරින් යමක් තේරුම්ගත හැකි, සංයමයකින් කටයුතු කළ හැකි නිදන්ගත රෝග (දියවැඩියාව, ඇදුම, වකුගඩු රෝග, පිළිකා, හෘදයාබාධ වැනි) නොමැති නිරෝගී අයකු තෝරාගත යුතුය.

රෝගියාගේ භාවිතය සඳහා පිඟන්, ‍කෝප්ප, ඇඳ ඇතිරිලි ආදී සියල්ල වෙන් කර ගත යුතුයි. වෙනත් අය සමඟ පොදුවේ ඒවා භාවිතා නොකළ යුතුයි.

රෝගියාට කිසිදු රෝග ලක්ෂණයක් නැතත්, ඔහුට වෙනත් කිසිදු අපහසුතාවක් නැතත් ඔබ මතක තබාගත යුතු වැදගත්ම දෙය නම් මේ පුද්ගලයා මාරාන්තික කොරෝනා ‍වයිරසය ශරීරගතව වූ අයකු බවයි. එබැවින් ඔහුට තමන්ට වෙන්කර ඇති ස්ථානයෙන් පිටතට කිසිදු අවස්ථාවක යාමට ඉඩ නොදිය යුතුයි. එමෙන්ම වෙන් කර ඇති බඳුනකට කෙළ ගැසීම හැර වෙන තැන්වලට කෙළ සහ සෙම ඉවතලෑම, තැන තැන ඇල්ලීම ආදිය නොකළ යුතුයි. තමන් වෙනුවෙන් අවශ්‍යතා සැපිරීම සඳහා තෝරාගෙන ඇති පුද්ගලයා සමඟ ද නිරන්තරව ම අවම වශයෙන් මීටරයක දුරක් තබා ගැනීමට වග බලාගත යුතුයි. එපමණක් නොව රෝගියා සෑම අවස්ථාවක දී ම මුඛ ආවරණ පැළඳ සිටිය යුතු අතර ඔහුට සාත්තු කරන්නා ද මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්යය අවශ්‍යතාවකි.

රෝගියාගේ මුඛ ආවරණය ඉවත් කර දැමීමට පියනකින් වැසිය හැකි ආරක්ෂිත බඳුනක් තබා තිබිය යුතු අතර රෝගියාට සාත්තු කරන තැනැත්තා ද රෝගියා හමුවන සෑම අවස්ථාවක දීම ඉන් පිටතට පැමිණ මුඛ ආවරණයක් ගලවා දමන ආරක්ෂිත ක්‍රමය අනුගමනය කරමින් ගලවා පියනකින් වසා තැබිය හැකි කසළ බඳුනකට එයදැමිය යුතුයි. එමෙන්ම වෙනත් කිසිවක් ඇල්ලීමට පෙර විෂබීජ නාශක දියර යොදා හෝ සබන් යොදා අත් හොඳින් සෝදාගත යුතුයි.

රෝගියා මෙන්ම නිවසේ අනිත් අය ද භාවිතා කරන මුඛ ආවරණ පුළුස්සා දැමීම හෝ ගැඹුරු වළක් හාරා වළ දැමී කළ යුතුය. තැන තැන දැමීමෙන් කොරෝනා වයිරසය තවදුරටත් පැතිරීම සිදුවනු ඇත.

බොහෝ නිවෙස්වල ගැටලුවක් වන්නේ සනීපාරක්ෂක පහසුකම් මෙවැනි වෙන්කළ රෝගීන් සඳහා නොතිබීම. බොහෝ විට වැසිකිළි හා කැසිකිළි ඇත්තේ නිවැසියන් විසින් පොදුවේ භාවිතා කරන ස්ථානයක් විය හැකියි. එවිට කළ යුතු වන්නේ රෝගියා එය භාවිතා කරන සෑම අවස්ථාක දී ම විෂබීජ නාශක යොදා හොඳින් පිරිසිදු කිරීමයි. සෑම දිනක් ආරම්භයේ දී ම නිවැසියන් සියලු දෙනා වැසිකිළි, නානකාමර ආදිය භාවිතා කිරීමෙන් පසු රෝගියාට ඒ සඳහා අවස්ථාව දීම සුදුසු වන අතර රාත්‍රියේ නින්දට යාමට පෙර ද එසේ කිරීම වඩාත් උචිත ක්‍රමයයි.

රෝගියා රෝහලට ගෙන යනතුරු ඔහුගේ සියලු වෙනස්වීම් පොතක සටහන් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සඳහා වෛද්‍යවරයකුගේ උපදෙස් අවශ්‍ය නැත. දිනකට තුන්වතාවක් හෝ හතර වතාවක් පමණ රෝගියාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර පොතක සටහන් කිරීම වැදගත්ය. එපමණක් නොව දියවැඩියාවෙන් පෙළෙන අයකුනම් නිරාහාරව සීනි මට්ටම බැලීම මෙන්ම ආහාර ගෙන පැය දෙකකට පසු සීනි මට්ටම බැලීම ද වැදගත් වනු ඇත. අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයකුනම් අවම වශයෙන් දිනකට වතාවක් හෝ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට හැකියාවක් ඇතිනම් වඩාත් සුදුසු වනු ඇත. (මේ පහසුකම් සෑම නිවසකම නොමැති බැවින් ඇතැම්විට එය අපහසු වනු ඇත.) මේ සියල්ල දිනය සහ වේලාව සහිතව ලියා තැබීම වැදගත් වේ.

අධික හිසරදය, වමනය, කැරකිල්ල, හුස්ම ගැනීමේ අහසුතා, විජලන ස්වභාවය, කෑම අරුචිය, වචන අමතක වීම, ක්ලාන්තය, පපුවේ දැවිල්ල හෝ වෙනත් විශේෂ රෝග ලක්ෂණ වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ වෛද්‍යවරයකු ලෙස දැනුම් දීමට ප්‍රමාද නොවන්න.

ආසාදිතව සිටින කාලයේ දී රෝගියාගේ මානසික සුවය සහ පහසුව ඉතාමත් වැදගත් වේ. එම කාලයේ දී හොඳ පෝෂ්‍යදායී ආහාර ලබාදීම ද ප්‍රමාණවත් නින්දකට අවශ්‍ය පහසුකම් සැපයීම ද වැදගත් වේ. එමෙන්ම පිරිසිදු ජලය පානය කිරීම ද වෙනත් රෝග සඳහ ගන්නා ඖෂධ වෛද්‍යවරු උපදෙස් දී ඇති පරිදි අඛණ්ඩව ලබාගැනීම ද වැදගත් වේ.

කොරෝනා ආසාදිත අයකු නිවසේ සිටින විට වැදගත් ම වන්නේ එම කාලසීමාව තුළ පිටතින් පුද්ගලයන් ඇතුළුවීම සම්පූර්ණයෙන් ම වළක්වාගැනීම හා නිවසේ කිසිවෙකුත් පිටතට නොගොස් සිටීමයි. එමෙන්ම ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත පවුලේ සියලු දෙනා සඳහා නිශ්චිත දිනයන්හි දී පීසීආර් පරීක්ෂණ සිදුකර ගැනීම ද අත්‍යාවශ්‍ය කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!