spot_img
spot_imgspot_img

දකුණේ ඉඩම් කාර්යාලයේ කොරෝනා ප්‍රශ්නයක්? සේවකයන් ඇවිත් නෑ

පුවත්

විදෙස්

දකුණු පළාත් ඉඩම් කාර්යාලයේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් එම කාර්යාලයේ කොමසාරිස් වරයා සහ තවත් සේවකයකු හැර අන් සියලු දෙනා අද (10) නිවාඩු ලබා නිවෙස්වල නැවතී ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදනය වී ඇත්තේ මිනුම් සහායකයකුට බව සෞඛ්‍ය අංශ පවසයි. එම තැනැත්තාගේ බිරිඳ ‍නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී කොරෝනා ආසාදිතයකුගේ පළමු ආශ්‍රිතයකු වීම හේතුවෙන් නිවසේ නිරෝධායනයට යොමුකර තිබී ඇත. බිරිඳ නිවසේ නිරෝධායනය වෙමින් සිටිය දී මෙම මිනුම් සහායකයා පසුගිය සිකුරාදා (07) දක්වා සේවයට පැමිණ තිබිණි.

ඉඩම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආසාදිත වූ එම පුද්ගලයා තම රාජකාරියට අමතරව අවසර සහිතව රියදුරකු ලෙස ද කටයුතු කරන බවයි. සේවකයන් පවසන ආකරයට ඔහුට පසුගිය සතියේ ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු තවත් කිහිප දෙනකු ආශ්‍රිතයන් වී තිබේ.

එසේ ආශ්‍රිතයකු වී තිබිය දී වුව ද ඔහු අද (10) කාර්යාල කාර්ය සහායකයකු යොදවා කාර්යාලය විවෘත කර මේ වනවිට එම කාර්යාලයේ රැඳී සිටියි.

නව පත්වීම් ලැබූ සංවර්ධන නිලධාරීන් 15 දෙනකු අද රාජකාරී භාර ගැනීම සඳහා කැඳවා ඇති අතර ගැබිනියන් ද ඒ අතර සිටින බව වාර්තා වෙයි. ඉඩම් කාර්යාලයේ ම නිලධාරීන් පවසන්නේ අද උදෑසන මේ කාර්යාලය විවෘතකළ කාර්යාල කාර්ය සහායකයා දැනට ආසාදිත වූ මිනුම් සහාකරවරයාගේ සමීප ආශ්‍රිතයකු බවයි. නමුත් ඔවුන් මේ ගැන සෞඛ්‍ය අංශවලට මෙතෙක් පවසා නැත.

අපි මේ පිළිබඳ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සරත් කුමාරගෙන් විමසූ විට ඔහු කීවේ මෙවැනි කතාවකි.

“කවුද කියන්නේ මම ආශ්‍රිතයෙක් කියලා. මම ආශ්‍රිත වෙලා නෑ. මට වෙනම රියදුරෙක් ඉන්නවා. අද උදේම අපි කාර්යාලය විෂබීජහරණය කළා. ඊට පස්සේ තමයි වැඩ පටන්ගත්තේ. කොරෝනා ආසාදිතයන් හමුවුණා කියලා කාර්යාලය වහන්න බෑ”

1 COMMENT

  1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තොටගොඩ පරීක්ෂණාගාරයේ මුරකරුවකුට කොරොනා වැළඳී ඇති බව ඔහු විසින්ම 2021.05.09 දින කියා ඇත. එසේ වුවත් මෙම මුරකරු 2021.05.06 දින සිටම රෝග ලක්ෂණ පෙන්වමින් සිට ඇති අතර. මේ බව සාමාන්‍යාධිකාරී පුෂ්පා වෙත දැනුම් දී ඇතත් අදාළ මුරකරුට නිවාඩු ලබා නොදී දිගටම සේවයට යොදවා ගෙන ඇත.

    2021.05.07 දින මෙම මුරකරු ගාල්ල ප්‍රධාන කාර්යාලය ගොස් ඇති බවත් ඔහු රියදුරන් සඳහා වෙන්කර තිබූ කාමරයේ රියදුරන් සමඟ කාලය ගත කර ඇති බවත් දැනගන්නට ඇත. මෙම තත්ත්වය ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සහ තොටගොඩ පරීක්ෂණාගාරයේ සේවය කරන සේවකයින්ගෙන් ජීවිතවලට තර්ජනයක් වී ඇතත් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පුෂ්පා කිසිදු පියවරක් රැගෙන නැත.

    අද දිනත් රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කර ආයතනයෙන් ලබා දී නැත.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!