spot_img
spot_imgspot_img

ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද දිනයේ කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමඟ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (08) දිනයේ මරණ වාර්තා වූයේ අම්බලන්ගො සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්, අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා  බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

ගාල්ල දිස්ත්‍රික්කමෙතෙක් සිදුව ඇති තුන්වැනි රැල්ලේ මරණ අතරින් ඊයේ (07) රජය නිල වශයෙන් මරණ 05 ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදුවූ මරණ සංඛ්‍යාවෙන් 23ක් තවමත් ප්‍රකාශයට පත්කර නැත.

අද වාර්තා වූ මරණ 03 පහත දක්වා ඇත.

  1. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කෙරමිණිය නිවසේ දී මියගොස් සිටි පිරිමි පුද්ලයකු කොරෝනා ආසාදිත බව තහවුරු කර ගැණිනි.
  2. මේරි නෝනා වයස අවුරුදු 78ක කාන්තාවකි. පොද්දල පදිංචි ඇය කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය
  3. වලහන්දූව කුරුඳුවත්තේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.

1 COMMENT

  1. PRDA එකේ පුෂ්පා තවමත් ආයතනයෙ සේවකයින්ට corona වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් දීලා නෑ. එයා විතරක් ආරක්ෂා වෙන්න ඕන දේවල් කර කරගන්නවා. නියමිත මුඛ ආවරණ ආයතනයෙන් ලබා දෙන්නේ නෑ, මුහුණු ආවරණ ලබා දෙන්නේ නෑ , පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල දෙන්නෙ නෑ,

    Head ඔෆිස් එකේ ලිපිකාරිනියන් කිහිප දෙනෙක් ඉන්නවා ගෙදර ඉන්න බැරි. 50% පැමිණීම උන් ගණන් ගන්නේ නෑ. හැමදාම ඔෆිස් එනවා. ඒක අනිත් අයගේ ආරක්ෂාවට තර්ජනයක්. ඒකට උදව් කරන්නේ පුෂ්පා.

    මේ නිසා අපි දිගින් දිගටම පුෂ්පාට කියනවා වහාම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ගන්න ඕන පියවර සදුදා එනම් හෙට ගත යුතුයි කියලා. රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල ආයතනයෙන් ලබා දෙන්න ඕන. නැත්නම් දිගින් දිගටම මේ ගැන අපි පුෂ්පාට එරෙහිව විරෝධතාවය පලකරනවා. මේ විදියට PRDA එක තුළට corona ආවොතින් ඉන්දියාව වගේ වෙනවා. දැනටමත් එක්කෙනෙකුට positive වෙලා තියෙන්නේ, මේ සියලු දේට පුෂ්පා වගකිව යුතුය.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!