spot_img
spot_imgspot_img

ඕෂධී හේවාමද්දුමගේ හොර ජවාරමකට ප්‍රචාරය දෙමින් රටේ ජනතාව නොමඟ යවයි

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කොරෝනා මර්ධනය කිරීමට දේශීය අමුද්‍රව්‍ය සහිත ඖෂධයක් නිපදවා ඇති බවත් ඉන් රෝගීන් සුවපත් වී ඇති බවත් පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවීව පැමිණ විස්තරයක් ඉදිරිපත් කරන ඕෂධී බුද්ධිමා හේවාමද්දුම තම ව්‍යාපාරයක් ප්‍රවර්ධනය සඳහා රටේ ජනතාව නොමග යවමින් සිටියි.

ඇය මේ ප්‍රවර්ධනය කරමින් සිටින්නේ නීති විරෝධී වෙළඳාමකි. පසුගිය මැයි  05 වැනි දා rata.lk වෙබ් අඩවිය මගින් “කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්” යනුවෙන් හෙළි කරන ලදී.

එම සබැඳිය පහතින්

මෙම හෙළිදරව් කිරීමේ දී වෛද්‍යරයා සමඟ අප කළ සාකච්ඡාවේ දී ඔහු අනාවරණය කළේ Megha caring නමැති ආයතනයක් මෙම ඖෂධ්‍ය නිෂ්පාදනය කර බෙදා හරින බවයි. මෙම ඖෂධය බෙදා හැරීම සිදුකරන ආයතනය පිළිබඳ අප සොයා බැලූ විට අනාවරණය වූයේ එය බෙදාහැරීම ඕෂධී බුද්ධිමා හේවමද්දුම හා ප්‍රදීප් බුලත්සිංහල යන දෙදෙනා විසින් සිදුකරන බවයි. එය ඇය අපට ප්‍රකාශ කළාය. ඇය කිරන ලද ප්‍රකාශයන් ද අපි උක්ත ලිපියට ඇතුළත් කළෙමු.

එහි ඇය මෙසේ කීවාය.

“අපි කරන්නේ වෛද්‍යවරයා විසින් ගෙන එන නිෂ්පාදන ප්‍රචාරය හා බෙදාහැරීම පමණයි. අපි මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැහැ. අපිට ඖෂධ හෝ ආහාර නිෂ්පාදන ආයතනයක් හෝ නැහැ.”

මේ නිෂ්පාදනය මෙරට අළෙවි කිරීම සඳහා අනුමැතියක් ලබා තිබේ දැයි විමසූ විට ඇය කියා සිටියේ සියළු අනුමැතීන් ඇති බවයි. ISO තත්ත්ව සහතිකය ද එම නිෂ්පාදනයට ඇති බව ඇය කීවාය. අප එවිට ඇයට කියා සිටියේ අප වෛද්‍යවරයා හමු වී කතා කළ විට එවැනි අනුමැතියක් නොමැති බව වෛද්‍යවරයා පිළිගත් බවයි. එවිට විනාඩි 05ක් ඇතුළත වෛද්‍යවරයා අමතා අපට යළි අමතන බව පවසමින් ඇය දුරකථනය විසන්ධි කළාය. නමුත් පැයකට පමණ පසු ඇයට අප දුරකථන ඇමතුම් ගත්ත ද සිදුවූයේ ඒ ඇමතුම් විසන්ධි කිරීම පමණි. නමුත් ඇය මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එවා තිබිණි. එහි මෙසේ සඳහන් විය

“හරි දේට බොරුවක් කියලා චෝදනා කරන ඔයාටත්, ඉක්මනට ඔය බෙහෙත බොන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.” මෙය ආශිර්වාදයක් ද වක්‍රාකාරයෙන් කරන ද තර්ජනයක් දැයි තේරුම්ගත නොහැක.

මේ වනවිට ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් ව්‍යාජ බෙහෙතක් නිෂ්පාදනය කර බෙදා හරිමින් ජනතාවගෙන් මුදල් එකතුකිරීමේ ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන කටයුතු සඳහා වෛද්‍යවරයාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. වෛද්‍යවරයා පොලිසියට දැනුම් දී ඇත්තේ අදාල Megha caring නමැති සමාගම තමන්ට අයත් සමාගමක් නොව එය ඕෂධී බුද්ධිමා හේවාද්දුමට අයත් අයාතනයක් බවයි.

‍මේ පිළිබඳ සත්‍ය කරුණු ඉදිරියේ දී අනාවරණය වනු ඇත.

මෙවැනි ඖෂධයක් ප්‍රවර්ධනය කිරීම නීතියෙන් වරදක් බව වෛද්‍ය සභාව මගින් නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කර ඇති අතර ඖෂධයක් සොයාගත්තා යැයි කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද මෙම නිෂ්පාදනයේ නියැදි ලබාගනිමින් විමර්ශන ආරම්භ කර ඇත.

අප කරන ලද අනාවරණයේ දී පැහැදිලි වූයේ මෙය ව්‍යාජ කරුණු දක්විමන් ජනතාව මුළා කරමින් සිදුකරන මුදල් ගැරීමේ ජාවාරමක් බවයි. ඊට සම්බන්ධ තවත් බොහෝ දෙනකු පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති අතර ඔවුන් පිළිබඳ ව ද විවිධ අංශවලින් පරීක්ෂණ කටයතු කිහිපයක් ම ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

එවන් පසුබිමක් තුළ ඕෂධී බුද්ධිමා හේවාමද්දුමගේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් තමන් ප්‍රවර්ධනය කරන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ජනතාව නොමග යවමින් සිටින බව පැහැදිලි කරුණකි.

5 COMMENTS

  1. මේ භාණ්ඩේ විකුණන දේවල්වල හැටියට ඕක මොකද්ද අනේ.

  2. me oya nodanna magul katha nokara minissu mulawe noyawa innwada sajeewa?mokada e behethe gena oya me kiyana hema chodanawak ma boru .balannako oyata wena de boru kiyanna gihilla me gena ,usawiyen thamai oyata nawathinna wenne.theruwan saranai!!!

  3. දොස්තර උදාර සම්පත් ගුණවර්ධන අලුත්ගම විදුහලේ 97 උසස් පෙලෙන් Medical college සමත් විය. ඉතාමත් න්හිතමානි ඔහු මගේ ජීවිතේ දුටු ඉතාම කරුණා වන්ත මිනිසුන් වෙනුවෙන් කැපවුණු ජාතික සම්පතක් ලෙස දකිමි. වසර 16 ක ඔහුගේ ව්ද්‍ය ඉතහාසය තුල ඔහු කිසිම දිනක මුදල් සදහා පව්ද්ගලික විද්ය වරුවකු ලෙස ක්‍රියා කර නැත. ඔහු මිනිස්සුන් වෙනුවෙන් කල මම දැනුවත් කැපකිරීම් අපමණය.ඔහු Human energy සදහා ආචාර්ය උපාදියක් ( Phd )එකක් ලබා ඇති අතර ඔහුගේ Your energy well සංකල්පය මේවනවිට ඇමරිකාවේ patent බලපත්‍රයක් සදහා අවසර ලබමින් තිබේ. ඔහු හට ඔහුගේ මානුෂිය මෙහෙවරයන් සදහා ජාතික සම්මාන ලැබී අත. කරාපිටිය රෝහලේ childrens intensive care අංශයේ වසර 10 කට වඩා සේවය කලේ කුඩා ළමුන් ගේ ජීවිත දහස් ගණනක් බෙරා තමන්ට කල හැකි උපරිමය සිදු කිරිමටය . ඔහු බොහෝ රුපවාහිනී නාලිකා වැඩසටහන් වල ඉදිරිපත්වී human energy ගැන කතා කල ඇත.
    දේශීය ඔසු බාවිතා කරමින් පිලික සුව කල හැකි බව ඔහු තරයේ විශ්වාස කල කරුණකි. ඔහු කිහිප විටක් මා හට මෙ පිළිබද පවසා තිබුනි.ඔහු ඒ පිලිබදව පර්යේෂණ කරන බව මා බොහෝ කලක් සිට දැන සිටියෙමි.ඔහුගේ වැඩිමහල් සොයුර අප පාසල් කාලයේදීම ඇමරිකාවේ phd උපාදිය සදහා ශීශ් අත්වයක් ලැබූ අතර ඔහු ජපානයේද අද්‍යාපනය ලැබූ බව මම දනිමි ඔහු හටද අමෙරිකාවෙ හෝ ජපානේ ඉතා ඉහල පඩියක් මත ජීවත් විය හැකිව තිබියදි . තවමත් බුලත් විටක් කන සරල මිනිසෙකු වන ඔහු ලංකාවට පැමිණියේ මුදල් පසුපස හබා නොගොස් රටට සේවයක් කිරීමටය.හදිස්සි අවශ්‍යතාවක් වූ මෙ කොවිඩ් සදහා බහෙතක් සොයාගැනීමට උත්සහ කරන බව උදාර මට වසරකට පමණ පෙර පැවසීය.පසුව මාස කිහිපයකට පෙර ඒම බෙහෙත සාර්ථක බව පැවසු ඔහු ඔහුගේම අතින් බොහෝ covid ආසාදිතයන් හට එය දුන් බවත් එය ඉතා සාර්ථක බවත් පැවසීය. UK සිටින මා හට ඔහුගේම මුදලින් මෙම බෙහෙත් පෙට්ය 10 dhl කලේය . ඔහුගේ පරමාර්ථය වුයේ මෙ බහෙතින් මුළු ලෝකයම මිනිසුන් සුවපත් වීමට යම්කිසි හෝ පිටුවලලක් වීමය. බොහෝ අය ඔහු ව විවේචනය කරන්නේ මෙම බෙහෙත clinical trials නැතුව එලිය දැමු බව කියමිනි. නමුත් අපි දන්නා පරිදි us and uk වසරක් පමණ ගෙන මුදල් බිලියන ගණන් වියදම් කර Covid එන්නත එලිට දැමිය. නමුත් මෙවැනි දෙයක් ලංකාවට හීනයක් බව මෙ විවේචනය කරන සියළුම දෙනා හොඳින් දනී.
    මෙ නිසාම මෙ බෙහෙත මෙ ලෙස නිකුත් කෙලේ ජිවිත බේරගන්න තිබෙන හොදම විදිය මෙය නිසයි.ඔහුගේ සැබෑ අවශ්‍ය තාවය සහ ඔහු ගැන නොදන්නා බොහෝ පිරිස මෙ බෙහෙත මුදල් ඉපයීම සදහා කලදෙයක් බව පවසමින් ඔහු හට ප්‍රචාරය කරන ලද මඩ ප්‍රහාර බලාසිටීමට බැරි තැන ඉතා අමාරුවෙන් ගලපා මෙ වචන ටික ලීවීමට සිතුවේ ලොවක් වටිනා මිනිසෙකු ආරක්ෂා කිරීමට පුළුවන් තරමින් හෝ උත්සහයක්‌ ගැනීමටය.මගේ පාසලේ bio උසස් පෙළ පන්තියෙන් ඇති උ මිතුරු කම වසර 25 කට අදික කාලයක් තිස්සේ ඇති අතර ඉතාම කාර්ය බහුල ඔහු හැකි හැම විටම මා හට කතා කරන අතර මගේ දෙමව් පියන්ටද කතා කර සුව දුක් විමසන අතර හැකි හැම විටම ඔඋන් බැලීමට ද යන්නේ ඔහුගේ ඇති නිහතමානී කම නිසයි.
    ඔහු සැබෑ අරුතෙන්ම මිමිසුන් වෙනුවෙන් කැප උන මිනිසෙකි. ඔහු කල මානුෂිය මෙහෙවරයන් අපමණය.
    ඔහුගේ මෙම බෙහෙත මමද ගන්න අතර covid සැදුනු දන්නා අය හට ද ලබා දුනිමි.
    උදාර කිසිම දිනක මුදල් සඳහා වැරදි දේවල් නොකරන බව මට ඉතාමත් විශ්වාස අතර ඔහුගේ වචන මා ඉතාම විශ්වාස කරමි. කිසිම දිනක බොරු නොකියන ඔහු මුදල් සඳහා ඔහුගේ ආත්මය පාවා නොදෙන බව මෙගේ විශ්වාසයයි..Dr Udara Sampath Gunawardana ඔබ‍ට බොහොම පින්.මෙ ලොවට බොහෝ සේවයක් කිරීමට බලා සිටින ඔබ‍ට සදා ජ

Leave a Reply to ඉඳුනිල් වීරසිංහ Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!