spot_img
spot_imgspot_img

ඉන්දියාවේ ඇති කොරෝනා ප්‍රබේදය මෙරටින් හමුවෙයි

පුවත්

විදෙස්

ඉන්දියාවට විශාල හානියක් සිදුකරමින් පැතිරයන කොරෝනා ප්‍රබේදය ආසාදනය වූ කොරෝනා ආසාදිතයකු මෙරට ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් හමුවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මේ බව අද (08) ප්‍රකාශ කළේය.

“ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසයේ B.1.617 ප්‍රභේදයට ආසාදිත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ලබාගත් සාම්පල මත සිදු කරන ලද ජානමය අනුක්‍රමික පරීක්ෂණයකින් වාර්තා වී තිබෙනවා. දැනට අපට ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ දක්නට ලැබෙන ප්‍රභේද දෙකම මෙරටින් හමුවී තිබෙනවා. මේ වෛරස ප්‍රභේද හමුවන්නේ විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන්.”

1 COMMENT

  1. PRDA එකේ පුෂ්පා තවමත් ආයතනයෙ සේවකයින්ට corona වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් දීලා නෑ. එයා විතරක් ආරක්ෂා වෙන්න ඕන දේවල් කර කරගන්නවා. නියමිත මුඛ ආවරණ ආයතනයෙන් ලබා දෙන්නේ නෑ, මුහුණු ආවරණ ලබා දෙන්නේ නෑ , පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල දෙන්නෙ නෑ,

    Head ඔෆිස් එකේ ලිපිකාරිනියන් කිහිප දෙනෙක් ඉන්නවා ගෙදර ඉන්න බැරි. 50% පැමිණීම උන් ගණන් ගන්නේ නෑ. හැමදාම ඔෆිස් එනවා. ඒක අනිත් අයගේ ආරක්ෂාවට තර්ජනයක්. ඒකට උදව් කරන්නේ පුෂ්පා.

    මේ නිසා අපි දිගින් දිගටම පුෂ්පාට කියනවා වහාම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ගන්න ඕන පියවර සදුදා එනම් හෙට ගත යුතුයි කියලා. රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල ආයතනයෙන් ලබා දෙන්න ඕන. නැත්නම් දිගින් දිගටම මේ ගැන අපි පුෂ්පාට එරෙහිව විරෝධතාවය පලකරනවා. මේ විදියට PRDA එක තුළට corona ආවොතින් ඉන්දියාව වගේ වෙනවා. දැනටමත් එක්කෙනෙකුට positive වෙලා තියෙන්නේ, මේ සියලු දේට පුෂ්පා වගකිව යුතුය.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!