ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු එම ජාවාරමට සම්බන්ධ වෙමින් තම සිසුන්ගේ මාර්ගයෙන් සමාජය පුරා ප්‍රචලිත කිරීමේ උත්සාහයක යෙදෙන ගුරුවරයකු පිළිබඳ අප වෙත තොරතුරු අනාවරණය වී තිබේ.

ගිණුම්කරණය පිළිබඳ උපකාරක පන්ති පවත්වාගෙන යන චන්දන ජයලත් නමැති මෙම පුද්ගලයා යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සිසු දරු දැරියන් අමතමින් මේ හොර ජාවාරමේ නිෂ්පාදනය වන Megha caring නමැති කරල කොරෝනා රෝගය සුව කිරීමට දිව ඔසුවක් බව පවසා තිබේ. තම පන්තිවලට පැමිණෙන සිසුන් කොරෝනා ආසාදනය වුවහොත් මෙම ඖෂධය තමන් නොමිළයේ ලබා දෙන බව ද ඔහු වසා තිබිණි. මෙයින් ඔහු සිදුකරන්නේ වක්‍රාකාරයෙන් සිසුන් හරහා මේ ජාවාරම ජනගත කිරීමයි.

මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් අප විසින් හෙළිදරව් කිරීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන උදාර සම්පත් ගුණවර්ධන විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන් ම අසත්‍ය්‍යක් බවයි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මෙවැනි ව්‍යාජ ඖෂධ හා ආහාර අතිරේක බව කියමින් විකුණන නිෂ්පාදන විශාල ජාවාරමක් බවත් ඔහු කියා සිටියේය. ඖෂධයක් සොයාගන්නේ නම් එය තහවුරු කරන ක්‍රමයක් පවතින බව ද පැවසූ ඔහු ආයුර්වේදය සමඟ එන ඖෂධ වෙනම පවතින නමුත් මේ සිදුවන්නේ මිනිසුන් අමාරුවේ දමා සිදුකරන ව්‍යාපාරයක් බවත් වෛද්‍ය විජේවික්‍රම පවසයි.

මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනය කළේ පරික්ෂා කර අනුමත නොකරන ලද කොරෝනා සඳහා සුදුසු බව පවසමින් විවිධ නිෂ්පාදන අළෙවි කරන හා ඒවා ප්‍රවර්ධනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්ක කරන බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සොයාගත් බව පවසන කොරෝනා සඳහා සුදුසු යැයි කියන බෙහෙත සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක දී ඒ සම්බන්ධ කිසිදු රසායනාගාර හෝ සායනික පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් අනාවරණය වූ අතර එවැනි නිෂ්පාදනයකට අනුමැතිය ලබාගත යුතු කිසිදු ආයතනයකින් අවසර ගෙන නැති බව ද හෙතෙම පිළිගත්තේය.

එසේ කරුණු අනාවරණය කර ඇති බව හොඳින්ම දැන දැනත් මෙම ගුරුවරයා හොර බෙහෙතක් විකිණීමේ ජාවාරමක් සම්බන්ධ ප්‍රවර්ධන කටයුතු කිරීම සම්බන්ධයෙන් විමසීමට අපි ඔහුගේ ජංගම දුරකථනයට ඇමතූ විට තමන් කාර්ය බහුල බවට කෙටි පණිවිඩයක් එවා අවශ්‍ය දේ කෙටි පණිවිඩයකින් විමසන ලෙස ඉල්ලා තිබිණි. මේ අවස්ථාවේ දී අප කළේ මෙම ඖෂධය ගැන දැනගැනීමටත් ඒවා ගැනීමටත් අවශ්‍ය බැවින් ඇමතූ බවයි.

මොහොතක් ගත වූයේ නැත. ඔහුගේ නියෝජිතයකු අප අමතා බෙහෙත් අවශ්‍ය කොතැනකට ද යන්නත් විමසා කියා සිටියෙ පන්තිවලට සහභාගීවන සිසුන්ට නොමි‍ළයේ දුන්නත් අනෙක් අය මුදල් ගෙවා ලබාගත යුතු බවයි.

“අපේ ෆේස්බුක් පේජ් එකේ විස්තර තියෙනවා. එතනින් දැනගන්න පුළුවන් ඔබතුමාට විස්තර” ඔහු කීවේය.

“අපේ කියලා කියන්නේ. මේ ව්‍යාපාරයට චන්දන ජයලත්ගේ සම්බන්ධයක් තියෙනවා ?” අපි ඇසුවෙමු.

“ඔයාට බෙහෙත් ගන්නනේ ඕන කිව්වේ.” ඔහු යළි අසයි.

මේ අවස්ථාවේ දී අපි ඔහුට කීවේ ‍මේ ව්‍යාජ බෙහෙතක් භාවිතා කරමින් සිදුවන මුදල් රැස්කිරීමේ ජාවාරම පිළිබඳ එම ගුරුවරයා ප්‍රචාරයක් ගෙන යාම පිළිබඳ විමසීට ඔහු හා සම්බන්ධ විය යුතු බවයි. එවිට ඔහු ඇසුවේ ඇයි බෙහෙත් ගන්න ඕන කිව්‍වනේ කියමිනි. මෙයින් අපට මතුවූයේ දැන් මේ ගුරුවරයා සිදුකරන්නේ කොරෝනා ඖෂධ වෙළඳාමක් පමණක් ද යන්නයි.

“ඔබ එම ගුරුවරයාට කියන්න. අපි කතා කළේ මේ ඖෂධය විකිණීම ප්‍රවර්ධයන කරන බැවින් ඒ සම්බන්ධයෙන් විස්තර අපේ වෙබ් අඩවියේ පළ කරන්න කියලා. එතුමා අද පැයක පමණ කාලයක් ඇතුළත කතා නොකළොත් අපි ඔබ සමඟ සාකච්ඡා කළ කරුණු සටහන් කරලා ලිපිය ප්‍රකාශයට පත්කරනවා. එතුමාට කියන්න මේ ජාවාරම ගැන විස්තර දැනගන්න කතා කරන්න අවශ්‍යයි කියා.”

ඉන් පසු අපි චන්දන ජයලත් උපකාරක පන්ති ගුරුවරයාට නැවත කෙටි පණිවිඩයක් ද යැවීමු. නමුත් ඔහුගෙන් ප්‍රතිචාර නැත.

අපට ඔහුගෙන් ඇසීමට තිබෙන ප්‍රශ්න කිහිපය

  1. ඔබ මෙම ඖෂධය නිෂ්පාදනය කළ වෛද්‍යවරයා හඳුනන්නේ ද ?
  2. එම වෛද්‍යවරයා කළා යැයි කියන නිෂ්පාදනය ඔබ ප්‍රවර්ධනය කරන්නේ කවර පදනමකින් ද ?
  3. එම වෛද්‍යවරයා පර්යේෂණ කිසිවක් සිදුකර නැති බවත්, එම සොයාගත්තා යැයි කියන ඖෂධය සම්බන්ධයෙන් කිසිදු ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඔබ දන්නේ ද ?
  4. ඔබ මෙය ළමයින් අතරට යැවීම නීති විරෝධී වෙළඳාමකට අනුබල දීමක් බව දන්නේ ද ?
  5. මෙම ඖෂධය නිෂ්පාදනය කර බෙදාහරින බව කියන සමාගමේ ඔබ ද කොටස් ලාභියකු බවට ඇතැම් පුද්ගලයන් පවසන කතාව සත්‍ය්‍යක් ද ?
  6. ඔබ මෙම නීති විරෝධී ව්‍යාජ නිෂ්පාදනය සිසු දරු දැරියන් අතර ප්‍රචාරය කරන්නේ කුමන කරුණු සහ පර්යේෂණ පදනම් කරගෙන ද ?

මෙ ප්‍රශ්නවලට ඔහු පිළිිතුරු දෙන්නේ නම් එය පසුව හෝ පළකිරීමට අප කටයුතු කරන බව මෙයින් දන්වා සිටිමි

(සජීව විජේවීර)

5 COMMENTS

  1. සජීව වීජේවීර) thopi vani අසත්පුරුශ කාලකන්නින් ගැන සාතිශය ස0වේගය

  2. හරිම කැතයි සජීව මහත්මයා ඔබ තුමා කරපු මේ දෙයට, නින්දිත ක්‍රියවලින් සත්පුරුශයන්ට පහර ගැසීමට උත්සාහ කලත් ඔබට එහි අනිසි විපාක ලගදීම හිමිවනු ඇත. චන්දන ගුරුපියානන්ගැන අපට අමුතුවෙන් වටහා දිය යුතු නැත.

  3. මුහුණ බැලුවම අර දොස්තර වඩා කපටියෙක් බව පේන්න තියෙනවා. ගුරු පියා හොඳ වෙන්නේ සබ්ජෙක්ට් එක උගන්වන එකට පමණයි. අනිත් අතින් බැලුවාම බලුම බලු යි. තමන්ගෙ ශිෂ්‍යයින්ගේ සල්ලි ගන්නවාට අමතරව මේ මිනිහා හදන්නේ කොරෝනා ජාවාරම කරගෙන අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරගෙන කෑම. බෙහෙත් ඔච්චර ෂුවර් කියලා කියනවනම් මෙයාට කියන්න තියෙන්නේ mask දමන්නෙ නැතුව ඉඳලා පෙන්වන්න කියලා .

  4. මම වරලත් ගණකාධිකාරිවරයෙක්…සජීව විජේවීර මහත්මයාගේ දුරකථන අංකයේ අවසන් අංක කිහිපය කළු කරල දක්වල තිබ්බේ නැත්නනම් comment නොකර කෙලින්ම කතා කරන්න තිබ්බා…ඔබතුමා ගෞරවනීය මාධ්‍යවේදියෙක් වශයෙන් අර කියන SMS Screen Shot එක දැම්ම වගේ Call Recording එකත් දාන්න තිබ්බ නෙහ් ඔප්පු කරන්න…චන්දන ජයලත් මහතාගෙන් ඒ ගැන අහනව වගේ අපිටත් ඔබේ දුරකථන අංකය ලබා දෙන්න කතා කරල විස්තර දැනගන්න…

    මෙහෙමයි…චන්දන ජයලත් ගුරුපියාණන් කියන්නේ මේ රටේ දහස් ගණනක් දරුවන්ගේ නැණස පාදපු ආදරණීය මිනිසෙක්… මම එතුමාව හොදටම දන්නවා…අපි class යනකාලෙ එතුමා කවදාවත් අපෙන් class fees ඉල්ලල නෑ….කවදාවත් සල්ලි පස්සේ ගියපු පුද්ගලයෙක් නෙවෙයි එතුමා… මම ඇතුළු බෝහෝ දෙනෙක් අද ලංකාවෙ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ඉහලින්ම ඉන්නේ එතුමා.නිසයි…එතුමා තම සිසුන්ට උගන්නන්න මහන්සි වෙන තරම සල්ලි වලින් මනින්න බෑ….

    එතුමා තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්…අනෙක එතුමාට තියෙන වත්කම් එක්ක බැලුවහම මේ වගේ හොර බෙහෙත් විකුණල කොමිස් ගන්න තරම් අහේනියක් එතුමට නෑ….

    සජීව විජේවීර මහතා ඔබ ඔහුව පුද්ගලිව අපහසුතාවට පත්කිරීමේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් තිබෙන හැඩයි…සත්පුරුෂයින් විවේචනය කිරීම, අභුත චෝදනා නැගීම විශාල පවක්….

  5. ගුරු පියාණන්ගේ ඉගැන්වීම් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ නොදන්න බෙහෙතක් මිනිස්සුන්ට ගන්න කියලා එයා කියපු එක

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමේ නීතියක් එයි ද ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධ නීති සම්මත කිරීමට ඉදිරියේ දී හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (26) මහනුවර රෝහලේ...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර...

වාහන ආනයන තහනම ඉවත්කිරීමේ බලාපොරොත්තුවක් ?

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ආකාරය අනුව රථවාහන සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධව සළකා බලන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ්...

ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ...

“පාසල් විවෘත කළත් උගන්වන්නේ නෑ” ගුරු විදුහල්පතිවරු කියති

රජය විසින් පාසල් විවෘත කළ ද තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු ඉගැන්වීම් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් ‍එකමුතුව පවසයි.

රට විවෘතකරන දිනය සෞඛ්‍ය ඇමති කියයි

දැඩි සීමාවන්ට යටත්ව ලබන ඔක්තෝබර් මස 01 වැනි දා රට විවෘත කිරීමට බලා‍පොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පළාත් පාලන නිල කාලය දික්කර පුංචි ඡන්දය කල් දැමෙයි ?

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 පෙබරවාරි 10 වැවනි දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල අනුව...

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිව ගබඩාවල ගොඩගැහිලා

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම හේතුවෙන් ත්‍රිපෝෂ පැකට් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

“මැණිකේ මගේ හිතේ” ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට එයි

යොහානි ද සිල්වා ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතරට පත්ව තිබේ. මෙම...

කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: