spot_img
spot_imgspot_img

අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි

පුවත්

විදෙස්

කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි.

අද (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව කියා සිටියාය.  දැනට රෝගීන් වාර්තාවන ප්‍රදේශ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ප්‍රදේශ හුදකලා කිරීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය පවසයි.

දැනට රට වැසීමේ තීරණයක් නැති බවත් කොරෝනා පැතිරීම අනුව දෛනිකව දත්ත සමාලෝචනය කරමින් තීන්දු තීරණ ගන්නා බවත් ඇය පවසයි.

1 COMMENT

  1. PRDA එකේ පුෂ්පා තවමත් ආයතනයෙ සේවකයින්ට corona වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් දීලා නෑ. එයා විතරක් ආරක්ෂා වෙන්න ඕන දේවල් කර කරගන්නවා. නියමිත මුඛ ආවරණ ආයතනයෙන් ලබා දෙන්නේ නෑ, මුහුණු ආවරණ ලබා දෙන්නේ නෑ , පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල දෙන්නෙ නෑ,

    Head ඔෆිස් එකේ ලිපිකාරිනියන් කිහිප දෙනෙක් ඉන්නවා ගෙදර ඉන්න බැරි. 50% පැමිණීම උන් ගණන් ගන්නේ නෑ. හැමදාම ඔෆිස් එනවා. ඒක අනිත් අයගේ ආරක්ෂාවට තර්ජනයක්. ඒකට උදව් කරන්නේ පුෂ්පා.

    මේ නිසා අපි දිගින් දිගටම පුෂ්පාට කියනවා වහාම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ගන්න ඕන පියවර සදුදා එනම් හෙට ගත යුතුයි කියලා. රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල ආයතනයෙන් ලබා දෙන්න ඕන. නැත්නම් දිගින් දිගටම මේ ගැන අපි පුෂ්පාට එරෙහිව විරෝධතාවය පලකරනවා. මේ විදියට PRDA එක තුළට corona ආවොතින් ඉන්දියාව වගේ වෙනවා. දැනටමත් එක්කෙනෙකුට positive වෙලා තියෙන්නේ, මේ සියලු දේට පුෂ්පා වගකිව යුතුය.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!