spot_img
spot_imgspot_img

ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කො‍රෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති PCR ප්‍රතිඵල වාර්තාවන් අතර හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 78ක් වාර්තා වන අතර අම්බලන්‍ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 50ක් වාර්තා වී ඇත.

මෙම ආසාදිතයන් 128 දෙනා ම ඊයේ (05) දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද නිල ලේඛනවලට ඇතුළත් කර නැත.

මෙලෙස ලැබී ඇත්තේ දින 05කට පමණ පෙර රසායනාගාර වෙත යවන ලද  ජෛව සාම්පල වාර්තා වන අතර එම වාර්තා ප්‍රමාදවීම හේතුනේ ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයන් මේ දක්වාම තමන්ගේ නිවෙස්වල සිටි බවත් එබැවින් ඔවුන්ගේ ඥාතීන් සියලු දෙනාම ද මේ වනවිට ආසාදිත වී තිබිය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. මේ හේතුවෙන් අවම වශයෙන් නිවසක සාමාජිකයන් 04 දෙනකු ලෙස අනුමාන කළහොත් මේ පිරිසගේ පළමු පෙළ ආශ්‍රිිතයන් 500ක් පමණ මේ වනවිටත් කොරෝනා ආසාදනය වී තිබීමේ ගැටලුවක් පවතී.

සෞඛ්‍ය අංශ පවසන්නේ අම්බලන්කොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මීට පෙර ආසාදිත බව තහවුරු කරගත් 35 දෙනකු ඇතුළත් කිරීම සඳහා රෝහල් නොමැතිව දින 05ක් පමණ කාලයක් නිවෙස්වල සිටි බවයි. ඔවුන් ඊයේ සවස රෝහල් ගත කර තිබේ. ඊයේ වාර්තා වූ රෝගීන් රෝහල්ගත කිරීම ද අසීරු කාර්යයක් බව ඔවුහු පෙන්වා දෙති.

3 COMMENTS

  1. කොරෝනා හැදෙන්න පුළුවන් අවස්ථාවක් මෙන්න. ඔය ඒටීඑම් යන්ත්‍රය තියෙන්නෙ ඉතාමත් කුඩා කාමරයක. එය දොරගුලු දමා තියෙනවා. දවසකට මිනිසුන් විශාල ප්‍රමාණයක් ඒක තුළට ඇතුල් වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්වාස වාතය එහි රැඳී තිබෙනවා. ඒ නිසා ඒ තුළට යන පුද්ගලයින්ට අවදානම් තත්වයක් තිබෙනවා. ඒ නිසා මෙම කුටීර වල ඇති දොරවල් විවෘත කර තබන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලනවා.

  2. අම්බලන්ගොඩ නගර සභාවේ සේවයේ නියතු පුද්ගලයින්ගෙන් 27 දින කරන ලද pcr පරීක්ෂණයේ වාර්තා පැමිනියේ මැයි 1 වෙනිදා ඊයේ රාත්‍රිය වනතුරුත් සේවකයන් දෙදෙනෙක් ගෙවල් වල. මේ වනවිට ඒ අයගෙන් කිදෙනෙකුට රෝගය පැතිරිලා ඇත්ද?

  3. අම්බලන්ගොඩ නගර සභා සේවකයන්ගේ 27 වෙනිදා කරපු pcr වාර්ථා 29 වෙනිදා සවස ආවා. ඒ වාර්තාවෙන් තමයි ලේකම්තුමිය සහ රියදුරු මහතුන් දෙදෙනෙක් පොසිටිව් වුනේ. ලේකම්තුතුමිය 30 වෙනිදා රෝහල් ගත කලත් රියදුරු මහතුන් දෙදෙනා රෝහල් ගත කලේ ඊයේ (5 වෙනිදා) දිනයේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!