spot_img
spot_imgspot_img

කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්

පුවත්

විදෙස්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි. ඔහු තවත් කිහිප දෙනකු හා එක්ව කරගෙන යන්නේ නීති විරෝධී වෙළඳාමකි. මේ බව හෙළි වූයේ එම ඖෂධය සොයාගත් බව පවසන උදාර සම්පත් ගුණවර්ධන නමැති වෛද්‍යවරයා හමුවී ඔහු සමඟ සාකච්ඡා කරමින් සහ ඔහු කළා යැයි කියන  පර්යේෂණය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක දී ය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා සඳහා ඖෂධයක් සොයාගෙන ඇති බව පුවත්පතක විශේෂාංග ලිපියකින්, යූ ටියුබ් නාලිකා කිහිපයකින් හා සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ලැබෙමින් තිබේ. එම වෛද්‍යවරයා සොයාගත් ඖෂධයෙන්  පෙනහළු ශක්තිමත් වී කොරෝනා රෝගීන් සුවපත් වන බවටත් ප්‍රචාරය කෙරෙමින් පවතී. මෙවැනි ඖෂධයක් පිළිබඳ ඇතිවූ සැකය හේතුවෙන් rata.lk අපි එම වෛද්‍යවරයා හමුවීමට තීරණය කළෙමු.

අදාල වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරයි. අපි මෙම වෛද්‍යවරයා හමුවීමට යාමට පෙර ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සූත්‍ර කමිටුව, ආයුර්වේද කොමසාරිස්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රුහුණ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ආයුර්වේද අමාත්‍යාංශය යන අයතන සහ පුද්ගලයන්ගෙන් විමසූ අතර අපට අනාවරණය වූයේ එම කිසිදු ආයතනයකින් මෙවැනි ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් අනුමත කර නැති බවයි.

කෙසේ වෙතත් එම ඖෂධය බව පවසන නිෂ්පාදනයෙන් වරකට එක් කරලක් බැගින් දවසට තුන්වතාවක් දින හතරක් පානය කළ යුතු බව පවසන වෛද්‍යවරයා එම අවශ්‍ය කරල් ‍12ක් සහිත පෙට්ටියක් රුපියල් 3,750.00ක මුදලකට අළෙවි කරයි.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන හමුවී සුළු වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි පසු අපි ඔහුගෙන් ප්‍රශ්න කෙළමු. එහි දී අනාවරණය වූයේ මෙම වෛද්‍යවරයා ඖෂධ නිෂ්පාදනය පිළිබඳ කිසිදු පුහුණුවක් ලබා නොමැති බවයි. එමෙන්ම ඔහු පවසන්නේ ආචාර්ය උපාධියක් සහිත තම සොහොයුරා මේ සම්බන්ධයෙන් තමන්ට සම්පූර්ණ සහයෝගය දක්වන බව වුව ද අවම වශයෙන් එම සොහොයුරාගේ දුරකථන අංකය හෝ ලබාදුන්නේ නැත. එම සොහොයුරා සමඟ සහ මෙම පර්යේෂණය සඳහා උදව් කළා යැයි පවසන මහමෝදර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලෙස සිටින තම බිරිඳ හෝ අපට සම්බන්ධ කිරීමට මෙම වෛද්‍යවරයා කැමති වූයේ නැත. ඔහු කියා සිටියේ ශාක වර්ග ගැන තොරතුරු සොයාගැනීමේ දී පමණක් තම බිරිඳ ඔහුට සහයෝගය දැක්වූ බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඇය සම්බන්ධ කරගැනීම අනවශ්‍ය බව ඔහු කියා සිටියේය.

නමුත් අපි ඔහුගේ සහෝදරයා වෙනත් මාර්ගයකින් සම්බන්ධ කරගෙන ඇමතුම් ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත. ඔහුට කෙටි පණිවිඩයක් යවා ඇමතීමට අවශ්‍ය කරුණ ගැන විමසූ විට තමන් රෝහලේ සිටන බව දන්වා පණිවිඩයක් එවා තිබිණි. මෙම නිෂ්පාදනය සඳහා ඔහුගේ දායකත්වයක් ඇත්දැයි විමසූ විට ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා එවා තිබුණේ නැත.

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලැබීමෙන් පසු තමන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන හෝ පර්යේෂණ සිදුකළ විශ්වවිද්‍යාල, රසායනාගාර හෝ වෙනත් අධ්‍යයන ආයතන හෝ පෙන්වාදීමට ඔහුට හැකිවූයේ නැත. ආචාර්ය උපාධියක් හෝ ඇති බව නොකී මෙම වෛද්‍යවරයා තමන්ට මේ පර්යේෂණ සඳහා උපකාරකළා යැයි කියන අපට සම්බන්ධකර නොදෙන සොහොයුරාගේ නම හැර වෙනත් කිසිම විශේෂඥයකු හෝ පර්යේෂණ සහායකයකු ගැන හෝ කීමට සමත්වූයේ නැත.

එමෙන් ම මෙම ඖෂධය සඳහා පර්යේෂණ කළ ස්ථානයක් හෝ නොකියන උදාර සම්පත් ගුණවර්ධන නමැති වෛද්‍යවරයා තමන් පර්යේෂණ සිදුකළේ කොරෝනා වයිරසයෙන් සිරුරේ රසායනික ද්‍රව්‍ය වෙනස්වන ආකාරය පිළිබඳ විදේශ රටවල පර්යේෂකයන් විසින් ලියා ඇති පර්යේෂණ වාර්තා කියවීමෙන් ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ශාක සාර හඳුනාගැනීමෙන් බව කීවේ‍ය.

නමුත් ඔහු සතුව ඇතැයි කියන පර්යේෂණ වාර්තා කිසිවක් ඔහු පෙන්නුවේ නැත. කොරෝනා වයිරසය සිරුරට ඇතුළු වූ පසු සිරුරේ සිදුවන වෙනස් කම් කිහිපයක් වෛද්‍යවරයා අපට පැවසුව ද ඒවා සාමාන්‍ය දැනීමක් ඇති මා හට වුව ද තේරුම්ගත හැකි කරුණු කිහිපයක් පමණි. ඔහු ශාක සාර යොදාගත්තේ කවර නම් වූ රසායනිකයකට එරෙහිව ද යන්නත් ඊට එරෙහිව ඔහු‍ගේ නිෂ්පාදනයේ ක්‍රියාත්මක වන රසායනික ද්‍රව්‍ය කවරේද කීමට හෝ ඔහු සමත්වූයේ නැත. ඔහු යොදා ගන්නා ශාක වර්ග ලෙස සුදුළූණු, ආඩතෝඩා, කොත්තමල්ලි, වද කහ, මදුරුතලා, ඉඟුරු නම් කළ ද ඔහුට ඒවායේ උද්භිද විද්‍යාත්මක නම් හෝ මතක නැත. නමුත් මේ ශාක වර්ග 06 සමඟ මාස හයක් පර්යේෂණ කළ බව ඔහු පවසයි. පර්යේෂණ කළ ආයතනයක් හෝ තැනක් කීමට ඔහු අසමත්ය. මෙම ශාක වර්ග 06ට අමතරව පර්යේෂණ කළ වෙනත් ශාක වර්ග කවරේද ඒ කොපමණ විශේෂ ප්‍රමාණයක් ද යන්න විමසූ විට ද ඔහු එම ප්‍රශ්නය මඟ හැරියේ මේ ශාක වර්ග සුදුසු බව තේරුම් ගත්තා යැයි කියමිනි.

ඔහු විසින් වරෙක ඖෂධයක් ලෙසත් තවත් අවස්ථාවක ආහාර අතිරේකයත් ලෙසත් හඳුන්වන මේ නිෂ්පාදනය සඳහා අනුමැතිය ඇති බව ඔහු කීව ද අප අනුමැතිය ගත යුතු ඒ ඒ ආයතන නම් කරමින් අනුමැතිය ගත්තේ දැයි ඇසූ විට තමන් එම කිසිදු ආයතනයකින් අනුමැතිය ගෙන නැතැයි උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයා නිහතමානීව පිළිගත්තේය.

නමුත් ඔහු කියා සිටියේ Bureau Veritas නම් ජාත්‍යන්තර ආයතනයකින් තමන් මෙය ආහාර අතිරේකයක් බවට අනුමැතිය ලබාගත් බවයි. ඒ සහතිකය දැන් පෙන්වන්න යැයි කී විට එය තම ජංගම දුරකථනයේ න‍ොමැති බවත් වාහනයේ තිබෙන බවත් ඔහු කීවේය. නමුත් එය පෙන්වන්න යැයි ඔහුට තුන්වරක් සිහිපත් කළ ද ඔහු එවැන්නක් පෙන්වූයේ නැත. නමුත් මා වෙතින් ඉවත්ව යාමෙන් පසු ඔහු කියා සිටියේ නිවසට ගිය වහාම එම අනුමැතිය ඇති සහතිකය මා වෙත එවන බවයි. නමුත් මේ ලියන මොහොත වනවිට ඔහු හමුවී පැය 12කට වැඩි කාලයක් ගතව ඇතත් ඔහු මා වෙත එවැනි අනුමත ලිපියක් එවා නැත.

උදාර සම්පත් ගුණවර්ධන චමුදිත සමරවික්‍රම සමඟ පැවැත්වූ යූ ටියුබ් සාකච්ඡාවේ දී පවසන්නේ තමන්ට ISO 22000 තත්ත්ව සහතිකය තිබෙන බවයි. එමෙන්ම මේ නිෂ්පාදනයේ කැඩ්මියම් හො රසදිය වැනි බැර ලෝහ නොමැති බවට Bureau Veritas ආයතනය සහතික කර ඇති බවත් ඔහු කීවේය.

මේ කරුණු පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කතා කළ විට එම ආයතනය පැවසුවේ එවැනි නිෂ්පාදනයකට කිසිදු ISO සහතිකයක් ලබා දී නැති බවයි. නමුත් Bureau Veritas නම් ආයතනය ද තත්ත්ව සහතික ලබාදෙන බව කීවේය. අපි Bureau Veritas ආයතනයේ වෙ‍ළඳ අංශයේ මනේෂ් කෙවින් හට කතා කළ විට ඔහු කීවේ මෙම වෛද්‍යවරයාගේ නිෂ්පාදනය සඳහා කිසිදු ISO සහතිකයක් නිකුත් කර නැති බවයි. එමෙන්ම ඖෂධ හෝ ආහාර අතිරේක සඳහා තම ආයතනයට එවැනි සහතික ලබාදීමට බලයක් නොමැති බවත් ඔහු කීවේය. එම සහතිකය ලබාදිය යුත්තේ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියෙන් බව ද ප්‍රමිති ආයතනය හා Bureau Veritas ආයතයන පැවසූ අතර ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියෙන් තමන් කිසිදු අනුමැතියක් ගෙන නැතැයි වෛද්‍යවරයාම අප සමග කීවේය.

ආහාර හෝ ඖෂධ නිෂ්පාදනයක් සඳහා තත්ත්වය සහතිකයක් ලබාගැනීමටනම් එම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගන්නා ස්ථානවල සිට නිෂ්පාදනය කර අවසන්වන තුරු ක්‍රියාවලියේ ම ගුණාත්මක භාවය හා එම තාක්ෂණය පිළිබඳ පරීක්ෂණ වාර්තා රැසක් ගත යුතුය. නමුත් උදාර සම්පත් ගුණවර්ධන එම අමුද්‍රව්‍ය ගන්නා ආකාරය හෝ සපයා ගත හැකි ප්‍රදේශ ගැන හෝ කියන්නට දන්නේ නැත.

මෙම නිෂ්පාදනය කොරෝනා ආසාදනයෙන් වැළකී සිටීම සඳහා ඉවහල් වන බවට තහවුරු කළ සායනික පරීක්ෂණ පැවැත්වූ ස්ථාන හා ඒවායේ වාර්තා පිළිබඳ අපි ඔහුගෙන් විමසා සිටියෙමු. ඔහු කීවේ එවැනි සායනික පරීක්ෂණයක් සිදුකර නැති බවයි. එමෙන්ම තමන් විසින් ශාක සාරවල ඇති රසායනිකයන් හඳුනාගෙන ඇත්නම් ඒවායේ නම් කිහිපයක් පවසන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී ඔහු කීමට සමත් වූයේ මදුරුතලාවල ඊජන් ඔයිල්, ආඩතෝඩාවල බෙනිලෝයි සහ වදකහවල බී-ඇසරෝන් ඇතැයි යන්න පමණි. ඉඟුරු, සුදු ළූණු හා කොත්තමල්ලිවල ඇති කිසිදු රසායනිකයක් සිහිපත් කර ගැනීමට මේ පර්යේෂකයකු හා ඖෂධ නිෂ්පාදකයකු යැයි කියන වෛද්‍යවරයාට හැකිවූයේ නැත.

පර්යේෂණ කළ රසායානගාරයක් හෝ පර්යේෂණාගාරයක් කිව නොහැකි, පර්යේෂණ වාර්තාවක් නැති, පර්යේෂණයට සහභාගී වූ වෙනත් කිසිදු පුද්ගලයකු හඳුන්වා නොදෙන, හඳුනාගත්තා යැයි කියන රසායනික ද්‍රව්‍ය හෝ යොදාගත් බව කියන ශාකයක විද්‍යාත්මක නම හෝ නොදන්නා, පර්යේෂණ පත්‍රිකාවක් ලියා ප්‍රකාශයට පත් නොකර තමන් ඖෂධයක් සොයාගත්තා යැයි කියමින් කිසිදු සායනික පර්යේෂණයක් නොකර ඒ පිළිබඳ ප්‍රචාරය දෙමින් ඒවා මුදලට විකුණන මේ වෛද්‍යවරයාට පර්යේෂණ පිළිබඳ ඉතිහාසයක් ද නැත.

ඔහු පවසන්නේ තමන් පුද්ගලික චැනලින් සේවාවන්හි නොයෙදන බවයි. නිරන්තරවම තමන් ජනතාව වෙනුවෙන් ම කැපවී සේවය කරන බව පවසන මේ වෛද්‍යවරයා රාජ්‍ය නොවන සංවිධාන හා සම්බන්ධ වී දේශන පැවැත්වීමේ ඉතිහාසයකට හිමිකම් කියයි. එමෙන්ම කොතැනක හෝ ඉඩමක් විකිණීමට ඇත්නම් එම දුරකථන අංකවලට කතා කර ඉඩම් විකුණන පුද්ලයා හා සම්බන්ධ වී ගනුදෙනුකරවුන් සෙයාදෙන අතරමැදියකු ලෙස ද මේ වෛද්‍යවරයා කටයුතු කර තිබේ.

ඔහු මට කීවේ තමන් 06 වතාවක් ඇමෙරිකාවට ගොස් ඇති බවයි. ඒ විදවතුන් හමුවීමටත්, දැනුම බෙදාගැනීමටත් සමුළු සඳහා සහභාගීවීමටත් බව කීවේය. ජර්මනියට ගොස් දැඩි සත්කාර ඒකක සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ බව ද කීවේය. ඔහු ආචාර්ය උපාධියක් ඇති වෛද්‍යවරයකු බව මේ නිෂ්පාදනය අළෙවි කිරීම සඳහා සැකසූ පත්‍රිකාවක් සඳහන් කර ඇත. නමුත් ඔහුට එවැනි ආචාර්ය උපාධියක් ඇති බව සනාථ කළ නොහැකි විය. රටවල් ගණනාවකින් පැමිණි විද්වතුන් සමඟ ඔහු කටයුතු කර ඇතැයි ද එම පත්‍රිකාවේම දැක්වේ. ඒ ඔහු සහභාගී වූ සමුළුවකට සහභාගී වූ අනෙක් රටවල නියෝජිතයන් ගණනයි.

මුදල් ඉපයීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකට පුද්ගලයකු ඔහුට උපදෙස් ලබා දී ඇති බව ද ඔහුගේ ම ප්‍රචාරක පත්‍රිකාවක සඳහන් කර ඇත. මේ ජාවාරම ආරම්භ වන්නට ඇත්තේ එම පුද්ලයාගේ මඟ පෙන්වීමෙන් ද යන්න අපට මතුවන බරපතල සැකයකි.

Your energy well නමින් මිනිස් සිරුරේ ඇති ශක්තිය ගැන දේශන පවත්වන මේ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන ගොස් ඇත. ඔහු පවසන්න් තමන් එම වැඩසටහන් සඳහා ඇමෙරිකාවට ගිය බවයි. ඇමෙරිකාවේ Highpoint university නමැති විශ්වවිද්‍යාලයකට ගොස් එහි සභාපතිවරයා සමඟ කටයුතු කළ බව ඔහු කීව ද ඒ කුමන කාර්යයන් සඳහා දැයි විමසූ විට ඔහු කීවේ සුළු වේලාවකට හමුවූ බවයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයකු ද හමුවූ ඡායාරූපයක් ඔහු මට පෙන්වූ අතර ඒ සමුළුවක දී ගත් ඡායාරූපයකි. ඔහු ඇමෙරිකාවේ දී කරන ලද අධ්‍යයනය කටයුතු හෝ පර්යේෂණ කටයුතු ගැන සඳහන් කරන්නේ නැත. මේ සෑම අවස්ථාවකටම ඔහු සහභාගී වී ඇත්තේ පුද්ගලික සංචාර ලෙස බව  වෛද්‍ය ගුණවර්ධන අප සමඟ කීවේය.

දැන් ඔහු යමක් නිෂ්පාදනය කර තිබේ. තමන් මේ කරල් වර්ගය අළුත්ගම තම ගම් ප්‍රදේශයේ නිෂ්පාදනය කරන බව චමුදිත සමරවික්‍රම සමඟ සාකච්ඡාවට එක්වෙමින් කී වෛද්‍ය ගුණවර්ධන අප සමඟ කීවේ තමන් මේ ඖෂධයේ රසායනික සංයුතිය වෙනත් සමාගමක දී ඔවුන් එය නිෂ්පාදනය කරන බවයි. එම නිෂ්පාදන සමාගම Megha caring (Pvt) Ltd ලෙස ඔහු හඳුන්වා දුන්නේය. එම සමාගම ආහාර අතිරේක නිෂ්පාදනය පිළිබඳ ආයතනක් බව ද ඔහු කීවේය. එම නිෂ්පාදනය අලෙවි කරන පෙට්ටියේ අදාල ආයතනයේ වෙබ් අඩවි ලිපිනයක් දක්වා ඇතත් එම වෙබ් අඩවිය විවෘත වන්නේ නැත.

මෙම වෛද්‍යවරයාගේ නිෂ්පාදනය ලබාගත හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ දුරකථන අංකයකට අපි ඇමතුමක් ගත්තෙමු. එවිට එම ඇමතුම හා සම්බන්ධ වූ කාන්තාවක් කියා සිටියේ තම ආයතනය මෙය බෙදාහැරීම පමණක් කරන රූපවාහිනී වැඩසටහන්, දැන්වීම් හා ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයක් බවයි. එම ආයතනයේ සංක නමැති අයකුට ඇමතූ විට ඔහු කීවේ තමන් මේ නිෂ්පාදනයේ ප්‍රචාරක කටයුතු පමණක් භාරව ඇති බවයි. වැඩි විස්තර නොදන්නා බවත් තමන්ට වඩා ප්‍රදීප් බුලත්සිංහල විස්තර දන්නා බවත් ඔහු කීවේය.

ප්‍රදීප් බුලත්සිංහලගේ දුරකථනයට ඇමතූවිට ඔහුගේ බිරිඳ ඕෂධී හේවාමද්දුම කතා කළාය. මා කවුරුන්දැයි හඳුන්වා දී ඇගෙන් තොරතුරු විමසූ විට කියා සිටියේ Megha caring (pvt) Ltd ආයතනය වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ ආයතනයක් බවයි. ඔහු වෛද්‍යවරයකුව සිටිය දී අධ්‍යක්ෂධූරයක් දැරිය නොහැකි බැවින් වෙනත් අය අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබෙන බවත් වෛද්‍යවරයා විසින් ගෙන එන නිෂ්පාදන තමන් අළෙවි කිරීම හා ප්‍රචාරය පමණක් කරන බව ද ඇය කියා සිටියාය. තමන්ට ඖෂධ හේ ආහාර අතිරේක නිෂ්පාදන ආයතනයක් නොමැති බව ද ඇය කීවාය.

මේ නිෂ්පාදනය මෙරට අළෙවි කිරීම සඳහා අනුමැතියක් ලබා තිබේ දැයි විමසූ විට ඇය කියා සිටියේ සියළු අනුමැතීන් ඇති බවයි. ISO තත්ත්ව සහතිකය ද එම නිෂ්පාදනයට ඇති බව ඇය කීවාය. අප එවිට ඇයට කියා සිටියේ අප වෛද්‍යවරයා හමු වී කතා කළ විට එවැනි අනුමැතියක් නොමැති බව වෛද්‍යවරයා පිළිගත් බවයි. එවිට විනාඩි 05ක් ඇතුළත වෛද්‍යවරයා අමතා අපට යළි අමතන බව පවසමින් ඇය දුරකථනය විසන්ධි කළාය. නමුත් පැයකට පමණ පසු ඇයට අප දුරකථන ඇමතුම් ගත්ත ද සිදුවූයේ ඒ ඇමතුම් විසන්ධි කිරීම පමණි. නමුත් ඇය මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එවා තිබිණි. එහි මෙසේ සඳහන් විය

“හරි දේට බොරුවක් කියලා චෝදනා කරන ඔයාටත්, ඉක්මනට ඔය බෙහෙත බොන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.” මෙය ආශිර්වාදයක් ද වක්‍රාකාරයෙන් කරන ද තර්ජනයක් දැයි තේරුම්ගත නොහැක.

මෙලෙස අනුමැතියක් නැති නිෂ්පාදනයක් ඖෂධයක් ලෙස අළෙවි කිරීමෙන් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව තුළ ගොඩනැගී ඇති භිය ප්‍රයෝනයට ගනිමින් මුදල් සෙවීම වරදක් නොවේ ද යන්න වෛද්‍යවරයාගෙන් විමසූ විට ඔහු අපට කීවේ

“ඒ නිසා තමයි අපි මෙය ආහාර අතිරේකයක් කියලා අළෙවි කරන්නේ. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නෑ.” යනුවෙනි. එයින් ගම්‍ය වන්නේ ඔහුගේ අරමුණයි.

ඔහු කළ නිෂ්පාදනයක් පෙන්වාදීමට නොහැකි වූ තැන මා විකුණන්නේ ආහාර අතිරේකයක් කියා නීතියෙන් බේරී යාමට තැත් දරයි. ඔහු අප සමඟ කීවේ දැනටමත් 50,000ක පමණ පිරිසකට අවශ්‍ය ප්‍රමණය නිෂ්පාදනය කර දැනට 30,000ක් පමණ ඉතිරිව තිබෙන බවකි. එසේනම් 20,000ක් දැනටමත් අළෙවි වී අවසන්ය. මේ වෛද්‍යවරයාට එක පැකට්ටුවකින් රුපියල් 3000.00 ලාභයක් ඇත්නම් ඔහු දැනටමත් රුපියල් ලක්ෂ 600ක් උපයාගෙන අවසන්ය.

කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බව කියන මේ වෛද්‍යවරයා මා හමුවට ආවේ ද එන් 95 මුඛ ආවරණයක් පැළඳගෙනය. ඔහු සේවය කරන වාට්ටුව පසුගිය සතියෙ නිරෝධායනය කර තිබිණි. කරාපිටියේ කොරෝනා ආසාදිතයෝ ද ඔවුගේ ආශ්‍රිතයෝ ද ඇති තරමට සිටිති. ඔහු ඔවුන් කිසිවෙකුට මේ ඖෂධය ලබා දී කොරෝනා ආසාදනයෙන් ඔවුන් සුවපත් කරගෙන නැත.

අප ඔහුගෙන් තවදුරටත් විස්තර විමසද්දී එතෙක් නොපෙන්වූ හදිසියක් ඇතිකරගත් මේ වෛද්‍යවරයා තමන් සතුව ඇතැයි කියූ ලිපි ලේඛන පවා පෙන්වීමට අපොහොසත්ව එතැනින් නැගිට ගියේය.

කරාපිටියේ වෛද්‍යවරයකු මෙවැනි ඖෂධයක් විකුණන බවත් එය නීත්‍යානුකූල ද යන්න පිළිබඳවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ වෛද්‍යවරුන්ට කිසිම ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් ප්‍රවර්ධනය කළ නොහැකි බවයි. එබැවින් මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්වත් කර විමර්ශනයක් ආරම්භකිරීමට කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා කීවේය.

ඔහු සමඟ කළ සාකච්ඡාවෙන් තහවුරු වන්නේ මෙය සැබැවින්ම ඖෂධයක් නොවන බවයි. එය මුදල් සෙවීමට කරන ලද ව්‍යාජ නිෂ්පාදනයකි. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම අදාල ආයතනවල කාර්යයි.

ඔහු සෘජුවම කීවේ තමන් අවම වශයෙන් මේ පිළිබඳ සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද අමාත්‍යාංශය හෝ අයුර්වේද දෙපාර්තමේන්තුව හෝ දැනුම්ත් නොකළ බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තමන් ආශිර්වාද ලබාගත් බවත් අදාල ආයතනවලින් අවසර ගන්නා ලෙස අගමැතිවරයා කීවත් තමන්ට එය කළ නොහැකි වූ බව ද ඔහු කීවේය.

කොරොනාවලට භිය වී සිටින මිනිසුන් මෙවැනි ව්‍යාජ නිෂ්පාදවලට රැවටී නොමග ගොස් තමන් අත ඇති පිච්චිය ද වියදම් කරගැනීම සැබැවින්ම කණගාටුවට කරුණකි.

කොරෝනාවලින් මියයන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. දැන් බුරුතු පිටින් අළෙවි වන මේ ව්‍යාජ නිෂ්පාදනය ලබාගත් අයත් කොරෝනා වයිරස ආසාදනය වූ විට හෝ ඒ බව දැනුම්වත් කිරීම රටේ ජනතාවට සිදුකරන මහ මෙහෙවරක් වනු ඇත.

(සජීව විජේවීර) rata.lk

46 COMMENTS

  1. If all these findings are true, how can this doctor be genuine?

    Does he deserve to be in this profession?
    If he is serving humanity as he says, why doesn’t he administer the newly found drug to Covid patients at Karapitiya?

  2. I personally know this doctor . He is very genuine character even in his normal life . He never go behind money. Without knowing fact how they crisis the product. Also it not compulsory to produce all the data to the people who carry mike. What are their capabilities to condom the products without having such qualifications to evaluate the medical terms. As a responsible web site dont do this type of silly work, if they do not reveal all the confidential information about the product. Let it be experienced and decide by the users. Dont be panic. Critisizm should come from the expert than the producer. Not like you holding the mike or taking notes.

  3. This doctor jolly well knows the mentality of fear psychosis.He use western medicine background to promote this well known good ayurvedic medicine to his business cheating mankind .another “karala paniya wenuwata”
    Ayyo sriyanthath mekata gavila….

  4. If he has found a genuine medication, he should divulge the composition of the drug and should subject it to Testing by competent authorities to ensure safety of possible users. If a person produces any food item, drug or health supplement, he is compelled to divulge ingredients under Consumer Protection Law.

  5. When there is a product like this , fellow sri lankans with vested interests come and do everything possible to drag them down. You are doing the same thing.

  6. It is clear that this particular doctor hasn’t done any clinical trials. He has not tested so called drug on covid patients. I feel very sad about Sri Lankans who always try their best to safeguard those kattadiyas, kapuwas and now unethical drug selling doctors. Health minister who threw Muttiya and drank Peniya was infected. Any lunatic can easily fool these Sri Lankans. Where are we heading? I salute rata.lk for revealing the truth.

  7. If he is genuine he could have shown the relevant ISO certificate and also clinical trials records. I feel he is fishing in troubled water.

  8. It is obvious if somebody do this type of work transparently he should produce details of clinical trials and all relevant documents.
    This is complete unethical effort to earn money. Ministry of health should conduct an inquiry regarding not maintaining the professionalism.

  9. ධම්මික පැණි බාස්,ධම්මික පැණිය කරට ගත්තු ලංකාවෙ ඉන්න අමන මරි මෝඩ මූසලයො මේ වගේ MBBS බාස්ලා කරට ගන්න එක පුදුමයක් නෙවි.

  10. I dont know this Doctor but by looking at comments here as well as other sites, lot of people seems to be saying he is genuine ? But at the same time I noted a Company name mentioned in one of the leaflets and it seems this company is situated at the world trade center, so i am just wondering whats the connection of such a private company and a doctor of a Government Hospital? As I believe this should not be the case for Government Doctors, atleast if we still want to believe in this doctor may be then he may have been used by this Company ? But still this should not be the case, he as a qualified and responsible person should not be having such involvements on commercially as end of the day this is not given freely and a portiotaion of profits are for sure is shared with him.

  11. මෙම ලිපිය කියවන විටදී හැඟෙන්නේ ලියුම් කරු අදාළ වෛද්‍ය වරයා සමග කිසියම් වු පුද්ගලික තරහකින් මෙම ලිපිය සකසා ඇති බවකි.මා වෛද්‍ය වරයෙකු නොවන නිසා අදාල බෙහෙත හෝ ආහාරයේ සංයුතිය පිළිබඳව දැනුම අල්ප වුවත් කිසියම් ලිපියක් මඟින් ලොකු බිල්ලකූ මවා බලහත්කාරයෙන් ජනතාවට ඒත්තු ගැන්නීමට ගන්නා උත්සාහයක් බවකි . ඔබ වෛද්‍ය වරයාගෙන් අසා ඇති සමහර ප්‍රශ්න ගමේ ගොඩේ භාවිතා කරන දේවල් මතක් කරවන ප්‍රශ්න මෙන් වන අතර මෙම බෙහෙත පිලිබඳව ඇත්තටම ගැටලුවක් තිබෙනවා නම් සහ ඔබ රටේ ජනතවට ඔය තරම් ආදරය දක්වන්නේ නම් කළයුතුව ඇත්තේ එය අදාල ආයතන වලට ඉදිරිපත් කර එහි සංයුතිය පිළිබඳව සහතිකයක් අරගෙන එය Covid වැලකීමට ඉවහල් වේද ?නොවේද ?යන්න සාධක සහිතව ඔප්පු කරන්න .ඉන්පසුව වෛද්‍ය වරයාට අභියෝග කරන්න.එයයි නිසි ක්‍රමවේදය .

  12. We also do not approve such things. But after reading this article, I’ve got a guilty feeling why I born as a Sri Lankan. Criticism in this manner is really bad.

  13. ඉතාමත් ම පුදුම සහගතයි.මෙහි දක්වා ඇති අදහස් කියවීමේදී අපරටේ බහුතරයක් දෙනා ගේ තාර්කික බුද්ධිය හා විද්‍යාත්මක අවබෝධ ය පිළිබඳව කණගාටුවක් ඇති වේ. සාක්ෂි පාදක කොට ගෙන (evidence based practice) ක්‍රියා කළ, තීරණ වලට එළඹි අපගේ පැරැන්නන් 21 වන සියවසේ වෙසෙන මොවුන්ට වඩා ඉදිරියෙන් සිටින බව කීව යුතු මයි.

  14. Lot of people have commented that doctor is genuine. But what if the marketers behind this have used his genuineness and innocence to produce a large profit by asking him to come up with some sort of a product that can be marketed. To my knowledge the mastermind behind this fraud is CEO of Megha Primal Intake, Harindu Danthanarayana who was not questioned by any media so far and he is the one who got doctor to produce the food supplement and did all the marketing work. Mentioning ISO certification on the product but not really having the certification is a punishable action in Sri Lanka.

  15. If both the doctor and the writer are genuine. Both have done a good job in their parts. Now it the time of the relevant authorities to act and see what is correcr. Neither it shoild allow for frauds no mud slinging.

  16. නිකන් බොරු කියන්න එපා. කවුරු හරි කෙනෙක් යහපත් දෙයක් නිසා ප්‍රසිද්ධ වී ගෙන එනකොට ඒ කෙනාට අපහාස කරලා තමන්ගෙ site එක promote කරගන්න හදන්නෙ ලැජ්ජ නැද්ද? මේවා නම් හරිම කැත වැඩ! ඒ වෛද්‍යවරයා බොහොම හොඳ කෙනෙක්. මුදල්වලට වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම බොහොම දක්ෂ කෙනෙක්. මේ ලිපියෙ තියනවා “website එක බොරුවක්. Open වෙන්න නෑ” කියලා. ඕනෙම කෙනෙක්ට ගිහින් බලන්න පුලුවන් ඒ website එක. meghacaring.com ඒ වගේම contact numbers වැරදියි කියලා. ඒකත් බොරුවක්. කැමති කෙනෙක්ට call කරලා විස්තර දැනගන්න පුලුවන්. 0117598521 අපේ රටේ මිනිස්සුන්ගෙ හැටියක්ම යි කෙනෙක් ඉදිරියට යනවා දැක්කොත්, ප්‍රසිද්ධ වෙනවා දැක්කොත් කකුලෙන් අදිනවා. මොනව හරි අල්ලගෙන මඩ ගහනවා. මේත් ඒවගේ දෙයක්.

    • Gunathilake
      වෙබ් සයිට් එක වැඩ කරනවානම් screen shots එවන්න පිටු කිහිපයක. අපිට බලන්න එහෙමවත්
      editor
      rata.lk

  17. මොවැනි ද්වේශ සහගත ප්‍රචාර වලට නොරැවටෙන්න

  18. කොරෝනා හැදෙන්න පුළුවන් අවස්ථාවක් මෙන්න. ඔය ඒටීඑම් යන්ත්‍රය තියෙන්නෙ ඉතාමත් කුඩා කාමරයක. එය දොරගුලු දමා තියෙනවා. දවසකට මිනිසුන් විශාල ප්‍රමාණයක් ඒක තුළට ඇතුල් වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්වාස වාතය එහි රැඳී තිබෙනවා. ඒ නිසා ඒ තුළට යන පුද්ගලයින්ට අවදානම් තත්වයක් තිබෙනවා. ඒ නිසා මෙම කුටීර වල ඇති දොරවල් විවෘත කර තබන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලනවා.

  19. මෙම වෛද්‍යවරයා නිෂ්පාදනය කළ බව කියන බෙහෙත නිවැරදි නිෂ්පාදනයක් ද යන්න තීරණය කර ගැනීම සඳහා අදහස් කිහිපයක් සහ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්නෙමි.

    1. මොහු සාමාන්‍ය වෛද්‍යවරයෙක් වීමත් විශේෂඥ වෛද්‍යවරයෙක් නොවීමත් ගැටලුවක් නැත. මක්නිසාදයත් පරීක්ෂණ සිදු කර නව ඖෂධය හඳුන්වාදීම MBBS උපාධිය තුළින් ලබාගෙන ඇති දැනුම,බුද්ධිය, හැකියාව ප්‍රමාණවත් වෙයි.

    2. නිෂ්පාදනය කරන ලද ඖෂධය සඳහා අනුමැතිය නොලැබීමද ගැටලුවක් නැත. ඊට හේතුව ධම්මික පැණි සඳහා ඔය කියන අනුමැතිය ලබාගෙන ඇති බැවිනි.

    3. එහෙත් තම නිෂ්පාදනය නිවරදි ඖෂධ බව සනාථ කිරීම් සඳහා පළමුවෙන් කොරෝනා වෛරය ගැන පැහැදිලි කිරීම එහි බලපෑම් ගැන විද්‍යාත්මකව සරල ලෙසට පැහැදිලි කිරීම් කළ යුතු අතර, ඒ අනුව මෙම වෛරසයේහි ක්‍රියාකාරීත්වය මෙම ඖෂධයෙන් නතර කර කරන්නේ කෙසේද? යන්න විද්‍යාත්මකව පැහැදිලි කළ යුතුය. එසේම අදාල ඖෂධ යෙහි ඇති සංඝටක මොනවාද? යන්න පැහැදිලි කළ යුතුය. එවැන්නන් වෛද්‍යවරයා විසින් සිදු කර නොමැති අතර, කරුණු වසංකර හෝ වසන් කරන්නට කරුණු කිසිවක් නොමැති බව හෝ ඇති බව පෙනී යයි. .

    4. අනිත් ප්‍රශ්නය මුදල් අයකිරීම් මගින් මුදල් ගැන දක්වා ඇති නැඹුරුව මෙවැනි වසංගත මැද නිවරදි ඖෂධය නිෂ්පාදනය කර ඇත්නම් මුදල් පසුපස හඹා යෑමට අවශ්‍ය නොවේ. මුදල් තමා පසුපස එනු ඇත.

    5. මේ අනුව මෙම වෛද්‍යවරයා මහජනතාව රැවටීමකට ලක් කර ඇති බව තර්කානුකූලව පිළිගැනීම්ට සිදුවේ. එය MBBS උපාධියක් ඇති වෛද්‍යවරයෙකු මගින් සිදු නොවිය යුතු දෙයකි.

  20. මෙම වෛද්‍යවරයා මගින් විද්‍යාවේ ඇති මූලික සංකල්ප උල්ලංඝනය කර ඇති බව පෙනී යයි. පරීක්ෂණ පැවැත්වීම, නිරීක්ෂණ ලබා ගැනීම සහ ඒ මත පිහිටුවා නිගමනවලට එළඹීම කළ යුතුයි. එසේම එම නිගමනවලට එළඹුණේ කෙසේද යන්න විද්‍යාත්මකව පැහැදිලි කළ යුතුය. විද්‍යාව සහ මුදල් යනු දෙකක්.

  21. ඉන්දියාව පෙර තිබූ විශාලා මහනුවර බවට පරිවර්තනය වී ඇති බව රූපවාහිනී මගින් දකින රූප රාමු වලින්පෙනී යයි. පව් පින් ගැන හිතන්න ඕන බව හොඳට පේනවා. එහෙම තියෙද්දි කොරෝනා වලින් මුදල් හම්බ කරන්න යනවනං කෙලින්ම අපාය ෂුවර් . හරි දෙයක් කරල මිනිස්සුන්ගෙන් ලැබෙන පින් මුදල්වලට වඩා වටිනවා. ඒක තේරුම් ගන්න බැරිද තාම ?

  22. ලිපි කරු වෙයෙද්‍යවරයා සමග පුද්ගලික අමනාපයක් ඇතිබව හොදින්ම වැටහේ. ලන්කාවේ අපිට කවදාවක් නව නිර්මානායක් කරලා ගොඩයන්න බෑ මේ වගේ හිගන, වෙබ් සය්ට් කාරයෝ ඉන්නක්ම්. මුන්ට ඕන වීව්ස් ගන්න කුනු රසය අවුසන්න. Doctor ඉඩම් බ්‍රෝකර් කෙනෙක් විදියට නම් කරන එකෙන් Rata.lk සක්කිලි මාද්‍යකරනය මනාව පිලිබිබුවේ

  23. රට වටේ ඇවිදලා ආවට පස්සෙ දම්මික පැණිය බීලා, මුට්ටි ගඟට දාලා කොරෝන හොඳ කරන්න උත්සාහ කරපු රටේ මේ කරල විකුණන එක කජ්ජක් නෙමේ. එච්චරටම බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ….තර්කානුකූලව සිතීමේ හැකියාව සියයට 65,610යි.

  24. I wish to request from this doctor to give this drugs to some patients who are in the ICU & show the results

  25. මේ ගැන අපි හොයල බැලුවා බිස්නස් එක ගජරාමෙට යනවා . MBBS ඩොක්ට කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න නීතියෙන් ඉඩක් තියෙනවද කියලා හිතන්න බෑ .ඒ වගේම වෛද්‍ය වෘත්තියට Ethics වලට අනුවද මෙවැනි දේවල් කරන්න ඉඩක් නෑ . ඇත්තටම කොරෝනා අස්සේ මේ මිනිසුන් මහජනතාව රවට්ටලා සල්ලි හම්බ කරනවා. කරන්නෙ අපායේ යන වැඩක්.මේ වසංගතය හමුවේ මහජනයා මේ වගේ දේවල් වලට ණය වෙලා හරි සල්ලි වියදම් කරනවා. ඒවා දැන දැනත් තමයි මේ වගේ වැඩ වලට දොස්තර කෙනෙක් යොමුවෙලා තියෙන්නෙ. ඇත්තටම වෛද්‍ය වෘත්තීය මහා කැලල තමයි සිදුවී ඇත්තේ. ඔය වගේ වැඩ කරන්න එපා. දොස්තරලා සල්ලි නැති මිනිස්සු නෙවෙයි නේ.

  26. Have seen so many remedies come and go. Very few die of COVID , and not all people get it, and majority of people who get it get cured any way, so any one can get money by concocting something by creating fear. It is sad but true. I hope government will take quick action either to prove or otherwise soon.

  27. නොදන්න දේවල් ප්‍රසිද්ධ කරලා සමාජය අවුස්සන කාලකණ්නි rara.lk හරක්. මම මේ doctor ගේ සහෝදරයා පෞද්ගලිකව දන්නවා. ලංකාවේ කීර්තිමත් විද්වතෙක් කිසිම වෙලාවක සල්ලි පස්සේ යන කෙනෙක් නෙවෙයි. අනිවාර්යයෙන්ම බොරු කතා පතුරුවා හරිනවාට මේ මාධ්‍යයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. කාලකණ්නි.

  28. මේ සම්බන්ධයෙන් ප්‍රති අදහස් දක්වන අය මේ ෆැක්ට්ස් වලට අනේ අපේ දේ, දොස්තර ජෙනුයින් ආදී දේ කියා මෙහි තිබෙන අවුල්සහගත බව වසන් කරන්නට තැත් කරන්නේ ධම්මික පැනියට කඩේ ගිය ආකාරයටම බව නොකියා බැරි ය.

  29. සර්ප්‍රයිස් සුප් කැට ගැනත් ,ලියන්න.වෙලද දැන්වීම් වලින් මුලා කර වස කවා පිලිකා හදන කෑම බීම ගැන ලියන්න කෝ.බය නැතිව එයාලගෙන් ප්‍රස්න කර ඒවාත් ලියන්නකෝ.
    ඒක මීට වඩා දරුනුයි…..
    කිරිපිටි ගැන් විස ඇගේ ගාන සබන් ගැන එහෙම…
    .

  30. The covid situation is at present very grave. The authorities have to test this and if bogus just shut the matter or if good start production and then use it. There is no time to play around. What is exactly wrong with the people at the top.

  31. ඇත්තෙන්ම මම මේ රට ඩොට් එල්කේ එක ගැන කියෙව්වා ඔහු මෙය ලියන්නේ හුදෙක් ඉතාමත් තරහකින් මේක තමයි අපේ රටට වෙලා තියෙන විහාරය මා හිතන විදියට මේ කොයි වෙලේ මිනිසුන්ට යමක් කරන්න උත්සාහ කරේ පළවෙනි කෙනා ධම්මික දෙවෙනි කෙනා මේ දොස්තර නමුත් මං පෞද්ගලිකව මේ දෙන්නාම අඳුනන්නෙ නෑ මුත් මොකක් හරි ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න හදපු කෙනෙක් අපේ ලංකාවේ මිනිස්සු බොහොම අකමැති කෙනෙක් දියුණුවෙලා මුදලක් සොයා ගත්තොත් මෙය නිකම් කරන්න බෑ ඔහුට යම් වියදමක් යනවා යමක් කරන්න වියදමක් දැරිය යුතුයි නැතිනම් හොඳ දෙයක් දෙන්න බෑ ඔය රට පත්තරකාරයා ට මෙය සියලුම දේ දුන්නොත් හෙළි කරොත් ඔහුට පුළුවන් මේක විදේශ රටකට හරි විකුණන්න ඒකෙන් වෙන්නේ මේ සොයාගත් උදේ විදේශ රටකට හොරෙන් පැටෙව්වා සමාන වෙනවා පි දන්නවා ලංකාවේ ව්‍යාපාරික තත්ත්වය අපේ අය පුරුදුවෙලා ඉන්නේ පිටරටින් ගේන දෙයක් මැරුනත් කමක් නෑ එන්නත් කිරීමෙන් කටට හලා ගැනීමෙන් සුවයක් බලාගෙන ඊට වඩා හොඳ නැද්ද කරපු දෙය අත්හදා බලල සුව වෙනවා නම් මේක ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රචාරය වෙලා අපේ රටට කීර්තිමත් තත්ත්වයක් උදා වෙනවට ට සිංහල මිනිස්සු සාමාන්‍යයෙන් එවැනි දේවල් වලට කැමති නැහැ ගොඩක් වෙලාට කරන්නේ අනුන්ගේ රෙද්දවල් සොයන එක පමණයි අන්තිමට මේක ලියපු එකාටම බෙහෙත් උවමනා වෙන්නත් පුළුවන් අප ජාතියට වුනේ ඔය ටිකම තමයි ටිකක් බුද්ධිමත්ව ඔය දෙකක් තියන හිතන්න අවශ්‍ය නැත්තං නොගෙන ඉන්න මට අවශ්‍ය නැති නිසා මං නොගෙන ඉන්නවා ඒක තමයි හොදම දේ වැඩිය කයිවාරු ගහන්න යෑමෙන් වෙන්නේ තමන්ගේ රෙද්ද පල්ලේ තමන් ගැන සියලු දේම ගැලවෙනවා.

  32. ඔයා දොස්තරට කරන්න තියෙන්නෙ ඔය පෙත්ත බීලා කරාපිටිය රෝහලේ ඉන්න corona රෝගීන් දෙතුන් දෙනෙකුගේ මුහුණ ලඟින් නහය තියාගෙන ඉඳලා කොරෝනා වැලඳෙන්නේ නැහැ කියලා ඔප්පු කරල පෙන්නන්න. බලමු දොස්තරට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්දi කියලා..

  33. ඔය MBBS දොස්තර Corona අවදානම් තැන්වල රස්සාව කරන්නේ mask දාගෙනද නැද්ද කියලා බැලුවනං වැඩේ ඇත්තද කියලා බලන්න පුළුවන් . Rata.lkට තියෙන්නෙ මේ දොස්තර mask එකක් දාගෙන ඉන්න ෆොටෝ එකක් ජනතාවට පෙන්නන එක.

  34. He is very genuine doctor and I know him personally. he has no desire to go behind money. I don’t know why people try to blame this doctor saying various things. What I understand is this writer has a personal issue with this doctor.

  35. I clicked on the website link. It’s working. It opens in my laptop. You in rata.lk can also try it. You are lying. You can submit the capsules to a research agency and get the ingredients chkd if you want the truth. Because right now we don’t know who is lying, you or the Doc.. The ingredients look good as we know them.

Leave a Reply to pandula pandula Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!