spot_img
spot_imgspot_img

ගාල්ලේ දොස්තර සේවය පැහැර හරියි. කොරෝනා සිරුරු මෝචරියේ හිරවෙයි

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු තම වගකීම් පැහැරහැරීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දී මියගිය කොරෝනා ආසාදිතයකුගේ සිරුරක් බැහැර කීමට නොහැකිව ඊයේ (04) විශාල ගැටලුවක් මතුව තිබිණි. අවසානයේ සිදුවූයේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයක් නොමැතිව අද (05) අළුයම 3.00ට පමණ එම දේහය රැගෙන යාමයි.

මෙලෙස මියගොස් තිබුණේ ගාල්ල තලාපිටියේ පදිංචි 74 හැවිරදි පිරිමි පුදගලයෙකි. කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පෙරේදා (03) රාත්‍රී මියගියේය. ඔහුගේ දේහය භූමදානය කිරීම සඳහා ඕතමාවඩි ප්‍රදේශයට යැවීමට තීරණය කෙරිණි. ඒ අනුව දේහය ‍ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ එම සෞඛ්‍ය වෛද්‍ය නිධාරී කාර්යාලයේ වෙනත් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ දේහය කොළඹට ගෙන ගොස් යුද හමුදාවට භාර දිය යුතුය. ව්‍යෛවරයා දේහය සමඟ නොයන්නේ නම් ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු බලය පැවරීමට හැකියාව ඇත.

නමුත් තලාපිටිය කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී රොෂාන් මව්සූල් පවසන්නේ මේ ක්‍රියාවලිය සඳහා නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දීමට ඔහුගේ දුරකථනයට ඇමතුම් ගත්ත ද ඒ කිසිවකට ඔහු ප්‍රතිචාර නොදැක්වූ බවයි. ඉන් පසු නගරාධිපතිවරයාගේ ජංගම දුරකථනයෙන් ද අදාල වෛද්‍යවරුන්ට ඇමතුම් ගත්ත ඒ කිසිවෙකු ප්‍රතිචාර දක්වා නැත. මේ පිළිබඳ දැනුම් දීමට නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුකාර විලී ගමගේ හමුවී තිබේ. ඒ ඊයේ (04) දහවල් කාලයේ දී ය. ආණ්ඩුකාරවරයා ඔහුගේ දුරකථනයෙන් වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වාට ඇමතුමක් ගත් විට වෛද්‍යවරයා එයට ප්‍රතිචාර දක්වා ඇත.

ආණ්ඩුකාරවරයා සිද්ධිය දැනුම් දුන් විට ඔහු පවසා ඇත්තේ ඉක්මණින්ම එම දේහය ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

නමුත් ඉන් පසුව ද අදාල වෛද්‍යවරු කිසිම දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වා නැත. මෙම වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඔවුන්ගේ හිතුමතයට කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයට ගෙනගොස් ඇති අතර රෝහලේම සිටින මේ වෛද්‍යවරු මෘත ශරීරාගාරයට පැමිණ එම රාජකාරිය ඉටුකර නැත. සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් ද වෛද්‍ය බර්ට්‍රම් හට ඇමතුම් ගත්ත ද ඒ කිසිවකට ප්‍රතිචාර නොදක්වන හෙතෙම ඔවුන්ගේ අභිමතය පරිදි අටවාගත් කාර්යාලයේ හෝ පදිංචි නිවසේ හෝ නොසිටි බව නාගරික මන්ත්‍රීවරු පවසති.

මේ මළ සිරුර ඉවත්කිරීම පිළිිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් විමසූ විට කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නොපැමිණීම හේතුවෙන් එය ඊයේ දිනයේ දී නිදහස් කළ නොහැකි වූ බවයි.

වෛද්‍යවරු තම සේවය පැහැර හැරීම හේතුවෙන් සිරුර ඉවත්කරගැනීමට නොහැකි බව නාගරික මන්ත්‍රීවරු විසින් පොලිසියට දැනුම් දුන් පසු අද (05) අළුයම 3.30ට පමණ පොලිසිය ගොස් මළ සිරුර භාරගෙන එය හමුදාවට භාරදීම සඳහා කොළඹට රැගෙන ගොස් ඇත.

1 COMMENT

  1. මේ වෛද්‍යවරුන්ට එරෙහිව පරීක්ෂණ තියේවිද? ඔවුන්ම ඒවා යට ගහ ගනියිද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය නම් වෙනුර මුදලට අරන් ඉන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!