spot_img
spot_imgspot_img

මහ වැස්සෙන් දෙනියායේ ගොඩනැගිල්ලක් ගඟට යයි

පුවත්

විදෙස්

දෙනියායේ ගිං ගඟ ඉවුරේ ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ‍ගඟේ ජල පහරට අසුව ගඟට ම ඇළවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම ගෙඩනැගිල්ල නිව් ගාමිණී නම් තේ කර්මාන්තශාලාවට අයත් ගොඩඩනැගිල්කි.

දෙනියායට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

දෙනියාය, දෙනියාය බටහිර, පල්ලේගම උතුර හා දකුණ, කොළවෙනිගම, පුස්සවෙළ, බෙලිඅත්තකුඹුර, ඉහළගම යන ග්‍රාම නිලධාරී වසම්වලට අයත් නිවාස 52ක් පමණ ජලයෙන් යටවී ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

(ඡායාරූප ලංකාදීප වෙබ් අඩවියෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!