spot_img
spot_imgspot_img

හිතුමතයට වැඩ කරන වෛද්‍යවරු නිසා ගාල්ලේ ජනතාව අමාරුවේ වැටෙන හැටි

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභාවේ පැවැති සෞඛ්‍ය අංශය වෛද්‍යවරුන්ගේ හිතුමතයට වෙනත් ස්ථානයකට ගෙනයාම හේතුවෙන් ගාල්ල නගර සීමාවේ කොරෝනා මර්ධන කටයුතු නිසි පරිදි සිදු නොවීමෙන් බරපතල ගැටලු කිහිපයක් මතු වී තිබේ.

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වූ බව තහවුරු වූයේ අප්‍රේල් 26 දිනයේ දී ය.

නමුත් ඇයගෙන් ඉගෙනුම ලැබූ සමීප ආශ්‍රිතයකු වූ දරුවකු සොයා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම දරුවාගේ නිවසට පැමිණ ඇත්තේ ඉන් දින 03කට පසු අප්‍රේල් 29 වැනි දා ය. ගුරුවරිය ආසාදිත බව දැනගත් දිනයේ පටන් දින තුනක් නිවැසියෝ සාමාන්‍ය ජීවිතයක් ගත කළහ.  

29 වැනි දා දරුවාගේ නිවසේ ‘නිරෝධායනය වන නිවසක්’ යනුවෙන් පුවරුවක් සවිකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දරුවාගේ මවට වෛද්‍යවරුන් දෙදෙනකුගේ දුරකථන අංක ද ලබා දී නික්ම ගියහ.  නිරෝධායනය අවසන්වීමට තිබුණේ මැයි 03 වැනි දා හෙවත් ඊයේ දිනයේ දී ය.

එම මොහොතේම මව වෛද්‍යවරයාට ඇමතුමක් ලබාදුන් අතර දඩල්ල පොදු සුසානභූමිය අසළට ළමයා සමඟ පැමිණෙන ලෙස වෛද්‍යවරයා දන්වා තිබුණෙන් එහි ගිය විට පීසීආර් සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබා ගැණිනි.

නමුත් මේ දක්වා ම වාර්තාව ලැබී නැත. මේ සම්බන්ධයෙන් දරුවාගේ මව ඊයේ (03) දිනයේ දී ද ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ඇමතුමක් ගෙන විමසූ විට “නෑ. තාම පීසීආර් ඇවිත් නෑ.” යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කර ඇත. අද (04) ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ පීසීආර් ඇවිත් නෑ. ඒ වාර්තාව ලැබෙන තුරු නිවසේ නි‍‍රෝධායනය විය යුතු බවයි.

අප මේ තොරතුරු දැනගත්තේ පහත දක්වා ඇති facebook පළකිරීමෙනි. එම පළකිරීම සිදුකර ඇත්තේ සිද්ධියට මුහුණ දුන් දරුවාගේ මවයි. ඇය සම්බන්ධ කරගෙන විස්තර විමසූ විට අනාවරණය වූයේ ඇය මේ පළකිරීම කළ පසු දරුවාගේ පන්තියේ තවත් ළමයින් කිහිප දෙනකුගේ දමාපියන් තමන්ට කතා කළ බවයි.

“මට දෙමාපියන් කිහිප දෙනෙක් කතා කළා. මේ ගුරුවරිය ආසාදිත නිසා අපේ පුතා නිරෝධායනය කළා කියලා ඒ අය දැනගත්තේ මගේ පෝසට් එකෙන්. අපේ දරුවත් සමඟ ඒ පන්තියේ හිටපු ළමයින් කිහිප දෙනෙක්ම කිසිම නිරෝධායනයකට ලක්කරලා නැහැ.”

මෙය බරපතල ගැටලුවකි.

ඇය පවසන්නේ ඔවුන් න‍ිරෝධායනය වන නිවසේ සිටින්නේ ද යන්න පරීක්ෂාකිරීම සඳහා ගාල්ල පොලිසියේ නිලධාරීන් දින දෙකක් පැමිණ පරීක්ෂාකර බලා ගිය බවයි.

අද (04) උදෑසන 11.20ට පමණ ඇයට දුරකථන ඇමතුමක් ලැබී තිබේ. අමතා ඇත්තේ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බව කියන වෛද්‍යවරයෙකි. ඔහු ‍පවසා ඇත්තේ දරුවාගේ දෙවැනි පීසීආර් එකක් ගැනීමට අවශ්‍ය බැවින් පුද්ගලික වාහනයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණෙන ලෙසයි.

29 වැනි දා ලබාගත් ජෛව සාම්පලවල පීසීආර් වාර්තා පවා තවමත් නොලැබී තිබිය දී දෙවැනි පීසීආර් පරීක්ෂණයක් ගැනීම ප්‍රශ්නයක් බව ඇය කියූ වට වෛද්‍යවරයා පවසා තිබෙන්නේ “අපිට කරන්න දෙයක් නෑ. දෙවැනි පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු නිරෝධායනය ඉවත් කරන්න බෑ යනුවෙනි”

ඇය පවසන්නේ තමන්ට යාමට පුද්ගලික වාහනයක් නොමැති බවයි. තම සැමියා නිරෝධායනය නොවන බැවින් ඔහු සමඟ යාමට නොහැකි බවත් ඇය පවසයි. ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ස්ථාපිත කර තිබූ ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තිබුණේ නම් තමන්ට පයින්ම පුතු සමඟ එම ස්ථානයට යා හැකි බවත් කරාපිටියට යාමට නොහැකි බවත් ඇය පවසයි. ඇය පෙන්වාදෙන්නේ ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි අසීරුවකට පත්වන බවයි.”

මේ පිළිබඳ ඇය ගාල්ල පොලිස් ස්ථානයට ද දැනුම් දී තිබේ. මේ පිළිබඳ පොලිසියට කළ හැකි දෙයක් නොමැති බවත් වෛද්‍යවරුන් විසින් ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් පොලිස් නිලධාරියකු එම මවට පවසා තිබිණි.

ගාල්ල මහ නගර සභාාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ නගර සභාවේ ස්ථාපිත කර තිබූ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෛද්‍යවරුන්ගේ වුවමනාවට කරාපිටියට ගෙනගිය බවත් වෛද්‍යවරු තම හිතුමතයට වැඩ කිරීම හේතුවෙන් කොරෝනා මර්ධනය කිරීමේ කටයුතු ඇණ හිට ඇති බවත්ය.

ගාල්ල මහ නගර සභා සීමාවේ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි සිදු නොවන අතර වාර්තාවන රෝගීන් රෝහල්ගත කිරීම ද ඔවුන්ගේ ආසාදිතයන් නිරෝධායනයට යොමු කිරීම ද නිසි පරිදි සිදු නොවන බව ද ඔවුහු පෙන්වා දෙති. මෙවැනි ගැටලු රාශියක් ඇති බව ද කියති.

ගාල්ල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලේය වෛදයවරු ඇමතීමට අප උත්සාහ ගත්ත ද ඔවුන් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නේ නැත.

ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර ඇමතූ විට ඔහු කියා සිටියේ මෙම ගැටලුව විසඳීම සඳහා ගාල්ල සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡා කර තීරණයක් ගත්ත ද වෛද්‍යවරු එම තීරණයට පවා පටහැනිව කටයුතු කළ බවයි. ඒ ගැන තමන් ගාල්ල සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව ද හෙතෙම කීවේය.

1 COMMENT

  1. මේ මා හට ලැබුනු සත්‍ය පුවතකි , නිරෝධායනය වූ පවුල් සඳහා රජයෙන් ලබා දෙන රු:10000.00 වටිනාකමකින් යුත් සහනාධාර වියලි සලාක මල්ල ලබා ගැනීමට හැකි වන්නේ ප්‍රදේ්ශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට ලබාදෙන නාමලේඛණය ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ලැබුනු පසු ග්‍රාමනිලධාරීන් මගින් අදාල නිරෝධායන පවුල්වලට ලබා දීම මගිනි. එහෙත් පසුගිය දිනවලදී මෙම කාර්යය ඉටු නොවීම තුල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතෙකු හට දුරකථනයෙන් අමතා ඉහත බඩුමල්ල දැන් නොදෙන්නේ මන්දැයි විමසන ලද අතර ඔහුගේ පිලිතුර වූයේ සෞඛ්‍ය වෛධ්‍ය කාර්යාලයට අනුයුක්ත වෛද්‍යවරයෙක් ඔවුන් හට මෙම බඩුමල්ල බෙදා හැරීම රජය මගින් නවතා ඇති බවයි . එහෙත් මෙම P.H.I. මහතාද එය පිලිනොගන්නා බවද මා හට පවසා සිටිමින් අදාල වෛද්‍යවරයාගේ දුරකථන අංකය මාහට ලබාදී මේ පිලිබඳව විමසන ලෙසත් අවශ්‍ය වන්නේනම් එම P.H.I.මහතාගේ නම වෛද්‍යවරයා වෙත ලබා දෙන ලෙසත් පවසා සිටියා, මා එම වෛද්‍යවරයා හට දුරකථනයෙන් ඇමතූ විට ඔහු එවැනි දෙයක් P.H.I.
    මහතෙකුහට ප්‍රකාශ නොකල බව දන්වා සිටියා ..පසුව මේ පිලිබඳව පලාතේ දේශපාලන අධිකාරියද දැනුවක් කරා.මේ වන විට තත්වය සමනය වී තිබේ. තවද PCR පරීක්ෂන සඳහාද ජනතාව දැඩිව අපහසුතාවයට පත්වේ. ඉහත නම් සඳහන් සියළු නිලධාරීනගෙන් විමසා සිටීමට සිදුවන්නේ නිදහස් අධ්‍යාපනය හදාරා සමාජයේ යම් තැනකට පිවිස නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් පොම්ප කරනා මහජනතාව මේ අයුරින් අපහසුතාවයට පත් කරනු ලබන්නේ ඇයිද යනුවෙනි. අවශ්‍ය වන්නේනම් තොරතුරු ලබා දීමට වුවද හැක. ( ගාල්ල ප්‍රදේශයෙනි ) .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!