spot_img
spot_imgspot_img

තිසර පෙරේ‍රා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

පුවත්

විදෙස්

ප්‍රහාරාත්මක පිතිකරුවකු හා තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. එක්දින ක්‍රිකට් තරඟවල සහ T-20 තරඟවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති තිසර පෙරේරා ඉදිි එක්දින තරඟ සංචාර සඳහා ඇතුළත් කර නොගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තීරණය කර තිබීම හේතුවෙන් ඔහු මෙලෙස සමුගැනීමට හේතු වී තිබේ.

ඉදිරි එක්දින තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා වැනි ජේෂ්ඨ ක්‍රීඩකයින්ව තෝරා ගැනීමට ඇති ඉඩකඩ අවම බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පසුගිය සතියේ මාධ්‍ය වෙත දැනුම් දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!