spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහල අවුල් ජාලයක ද ?

පුවත්

විදෙස්

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මේ වනවිට කරාපිටිය ‍ශික්ෂණ රෝහලේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා කරාපිටිය රෝහලේ 36 වාට්ටුව වෙන්කර තිබුණ ද‍ මේ වනවිට එම වාට්ටුව මුළුමනින්ම පිරී ගොස් පැවතීම බරපතල ගැටලුවක් වී ඇත.

එබැවින් රෝහලට ඇතුළත්කරන රෝගීන් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුකිරීමෙන් අනතුරුව වෙනත් වාට්ටුවලට යැවීම සිදුකරයි. පසුගිය 29 වැනි දින කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණය අනුව කො‍රෝනා ආසාදිත නොවේ යැයි 36 වාට්ටුවේ සිට ළමා වාට්ටුව වූ අංක 02 වාට්ටුවට මාරුකර යවා තිබිණි. එම දරුවා සහ මව වෙන්කර නොතිබූ අතර ඔවුන් හමුවීමට අමුත්තන් කිහිප දෙනකු ද මෙම වාට්ටුවට පැමිණ තිබිණි. නමුත් එම මවගේ පීසීආර් වාර්තාව පසුව ලැබුණු අතර මව කොරෝනා ආසාදිතයකු බව එම වාර්තාව අනුව සනාථ වී තිබිණි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මීට පෙර ‍ආසාදිතයකු වාර්තා වූ විට අවදානම් තක්සේරුවක් සිදුකර අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත්ත ද 36 වාට්ටුවේ ඉඩක් නොතිබීම හේතුවෙන් එවැන්නක් සිදු නොවූ බව කරාපිටිය රෝහලේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් ඉතාමත් අවම පහසුකම් මධ්‍යයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්සණ සිදුකරන ලද්දේ 02 වාට්ටුවේ ම කාර්ය මණ්ඩලය විසිනි. එම වාර්තාවලින් තහවුරු වූයේ දරුවන් දෙදෙනකු ම කොරෝනා ආසාදිත බවයි. නමුත් 02 වාට්ටුව වසා දමා තිබුණේ නැත.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වාට්ටුවේ සිටි පුද්ගලයන් අතරින් ඊයේ (01) 35 දෙනකු ආසාදිතව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයකු ලංකාදීප පුවත්පත සමඟ ප්‍රකාශ කර තිබිණි.

ආසාදිත බව තහවුරු කරගන්නා රෝගීන් කොරෝනා සඳහා වෙන්කරන ලද ‍රෝහල්වෙත යැවීම ද මේ වනවිට ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්ව තිබේ.

කරාපිටිය රෝහල ශික්ෂණ රෝහලකි. ප්‍රතිකාර අංශ ගණනාවක් පවතින කරාපිටිය ශික්ෂණ රෝහලට වසර ගණනාවකින් ස්ථිර ‍අධ්‍යක්ෂවරයකු ලැබී නැත. පරිපාලන වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය දිගින් දිගටම චෝදනා කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙවන් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂවරයකු පත්කර නැති බවයි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ම කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බැලීම සිදුකරන අතර මෙය පරිපාලන ගැටලු කිහිපයකට ම හේතුවී ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලයම චෝදනා කරයි.

වසංගත තත්ත්යක් රටපුරා පැතිරෙමින් පවතිද්දී කරාපිටිය ශික්ෂණ රෝහල අධ්‍යක්ෂවරයකු නැතිව මේ ආකාරයෙන් පවත්වාගෙන යාම ගැටලු සහගතය. වැඩබලන අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න කරාපිටිය රෝහලේ රාජකාරී කටයුතු පැමිණි පසු කරාපිටිය රෝහලේ පරිපාලනය සඳහා උපදෙස් ලබාදීමට යැයි පවසමින් පැවැත්වූ රැස්වීමකට ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි කැඳවා තිබිණි. ඔහු 5S ක්‍රම පැහැදිලි කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පරිපාලනය වෙනස්විය යුතු ආකාරය පිළිබඳ දේශනක් ආරම්භ කළ අවස්ථාවේ එම රැස්වීමේ සිටි වෛද්‍යවරු රැසකගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබිණි. කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ද ඔහු ගෙන්වීම සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබූ අතර සාකච්ඡාවට සහභාගී වූ අයගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ වෛද්‍ය සිංගාරච්චි ඉවත්ව ගොස් තිබිණි.

මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් ඇතුළු කිරීමට ප්‍රමාණවත් ඉඩක් නොමැති බැවින් අක්මීමණ මැලිබන් රෝහල කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම සඳහා වෙන්කිරීමට කටයුතු කරමින් තිබේ. අ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මැලිබන් රෝහලට ඇතුළත් කර හැකිවන්නේ රෝගීන් 40ක් පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!