spot_img
spot_imgspot_img

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය දිවියෙන් සමුගනී

පුවත්

විදෙස්

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (29) සවස 5.00ට පමණ හෙතෙම කොළඹ නාරාහේන්පි පුද්ගලික රෝහලක දී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මියයනවිට 68 වැනි වියේ පසුවූ හෙතෙම මෙරට 32 වැනි පොලිස්පතිවරයාය. 1978 වර්ෂයේ දී ආදුනික සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ බාලසූරිය 2010-2011 වර්ෂවල දී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය. ඉන් පසු බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!