spot_img
spot_imgspot_img

දේශීය පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් ඇතිබවට rata.lk කළ හෙළිදරව්ව සනාථ වෙයි. සමාගමකට සීල් තබයි

පුවත්

විදෙස්

පිළිකාකාරක ඇ‍ෆ්ලාටොක්සීන් ඇති බව සනාථවීම හේතුවෙවන් දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගමකට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙරටට ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් අඩංගුබවට දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් විසින් විශාල ආන්දෝලනයක් සිදුකරද්දී දේශීය පොල්තලේ නිෂ්පාදනවලින් අති බහුතරයක් ඇෆ්ලාටොක්සීන් අඩංගු බවට මෙරට ජනතාවට මුල්වරට අනාවරණය කරන ලද්දේ rata.lk වෙබ් අඩවිය මගිනි.

මේ සඳහා 1974 වර්ෂයේ සිට සිදුකරන ලද පර්යේෂණ සහ ඒවායේ දත්ත ද අප විසින් උපයෝගී කරගන්නා ලදී. එම පර්යේෂණ අනුව ආනයනික පොල්තෙල් පිරිපහදු කරන බවත්, ඒවා පිරිපහදු කළ පසු වෙළෙඳ පොළට එවන පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් මිනිස් සිරුරට අහිතකර මාත්‍රාවලින් නොමැති බවත් අප විසින් හෙළිදරව්කරන ලදී. දේශීය පොල්තෙල් නිෂ්පාදනවල ඇෆ්ලාටොක්සීන් අඩංගුවන ආකාරය ද අප ප්‍රකාශයට පත්කළෙමු.

එම ලිපියේ සබැඳිය

වෙළෙඳ පොළෙහි ඇති පොල්තෙල් සාම්පල 07 ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට යවා කරන ලද පරීක්ෂණයකින් එක් සාම්පලයක  ඇෆ්ලාටොක්සීන් විෂ පිළිකාකාරකය සීමාව ඉක්මවා ඇති බව අනාවරණය වී ඇති බැවින් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය එම සමාගම මුද්‍රා තබා ඇත.

එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ, අසේල බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

ඒ වෙළෙඳනාමය ගැන අද පුවත්පත්වලත් පළ වෙලා තිබුණා. “එන් -ජෝයි“ කියන වෙළෙඳනාමය තමයි ඒ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!