spot_img
spot_imgspot_img

ප්‍රදේශයම අමාරුවේ දමන හබරාදුවේ කොරෝනා ආශ්‍රිතයෝ කඩේ ගොස් බසයේ ගෙදර යයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා ‍යාමට හා ඒමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවක් rata.lk වෙබ් අඩවියේ අපි අද (29) හබරාදුව නගරයේ දී නිරීක්ෂණය කළෙමු.

මෙවැනි ආශ්‍රිතයන්ට උපදෙස් ලබා දී ඇත්තේ කිසිම හේතුවක් නිසා තමන් නිරෝධායනය වෙමින් සිටින නිවසින් පිටතට නොපැමිණෙන ලෙසයි. එවැනි සියයකට වැඩි පිරිසක් අද හබරාදුව නිදහස් වෙළෙඳ කලාපයේ ක්‍රීඩා පිටියට කැඳවා තිබිණි.

නමුත් එහි පැමිණි ඇතැම් දෙනකු පැමිණියේ පොදු ප්‍රවාහන සේවා බස්රථවලය. මෙලෙස පොදු ප්‍රවාහන සේවා බස්රථවල පීසීආර් පරීක්ෂණවලට පැමිණි පුද්ගලයෝ තම ජෛව සාම්පල ලබාදීමෙන් පසු යළි තම නිවෙස්වලට යාම සඳහා පොදු ප්‍රවාහන සේවා බස් රථම භාවිතා කළහ. ඇතැමුන් නගරයේ තිබූ ත්‍රී රෝද රථයකට ගොඩවී යන ආකාරය ද අපට නිරීක්ෂණය කළ හැකි විය.

එවැනි පුද්ගලයකු පසු පස පැමිණි අපට දැකගත හැකි වූයේ පීසීආර් පරීක්ෂණයට සිය ජෛව සාම්පල ලබාදුන් අයකු හබරාදුව නගරයේ වෙළෙඳ සැළකට ගොඩවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ආකාරයයි.

අපි සෞඛ්‍ය සේවකයන්ට දෝෂාරෝපණය කරන්නේ නැත. වසංගත තත්ත්වය වේගයෙන් පැතිරයමින් රෝගීන් සංඛ්‍යාත්මකව වැඩි වෙද්දී ආශ්‍රිතයන් සොයා නිවෙස්වලට ගොස් පීසීආර් පරීක්ෂණ සිදුකරන්නට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට ප්‍රමාණවත් පහසුකම් නැත. මෙවන් වසංගත තත්ත්වයක දී වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, හෙද හෙදියෝ ද දිවා රෑ නොබලා වෙහෙසෙති.

නමුත් ජනතාව මීට වඩා සැළකිලිමත් විය යුතුය. සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. මේ පිළිබඳ වගකිව යුතු අයගේ අවධානය යොමුවිය යුතු බව අපි අවසාන වශයෙන් සටහන් කර තබන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!