spot_img
spot_imgspot_img

අහඹු PCR නවත්වන්නයැයි කීම වරදක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබිය දී සියලුම දිස්‍රක්කවලට අහඹු පීසීආර් පරීක්ෂණ නවත්වන්න යැයි බලධාරින් විසින් උපදෙස් දී තිබීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ග් සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

අද (29) උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ බස්නාහිර පළාතෙන් පිටවන හා ඇතුළුවන පුද්ගලයන් ස්ථාන 12ක දී අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කරන බවයි. නමුත් දහවල් වනවිට අහඹු පීසීආර් පරීක්ෂණ නවතා දමන්න යැයි දිස්ත්‍රික්කවලට උපදෙස් දී තිබීම ගැටලුවකි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා යම් උපකරණ හිගයක් හෝ ගැටලුවක් ඇත්නම් ඒ බව සෞඛ්‍ය අංශ සහ මහජනතාව දැනුම්වත් කර සත්‍ය තත්ත්වය පැවසිය යුතු බවයි. නමුත් අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීම නවතා රටේ රෝගීන් වාර්තාවීම කෘතිම ලෙස අඩුකිරීම මේ වසංගතය පිළිබඳ ජනතා අවධානයත් අඩුවී තත්ත්වය වඩාත් දරුණුවීමට හේතුවක් බව ද හෙතෙම වැඩිදුරටත් පවසයි.

ඔහු මෙසේ ද කීවේය.

“දැන් රට ඉතාමත් අවදානම් තත්ත්වයකට තල්ලු වෙලා තියෙනවා. දවසින් දවස අවදානම වැඩිවෙනවා. ඉදිරියේ දී තවත් වැඩි වේවි. නමුත් කණාගටුදායකම දේ තමයි අහඹු පීසීආර් කරන්න එපා කියලා අත්හිටුවන්න කියලා දිස්ත්‍රික්වලට දැනුම් දී තිබෙනවා. මේ වසංගතයෙන් මිදෙන්න නම් කළ යුතු දේ පීසීආර් තවත් වැඩිකිරීම. අඩු කිරීම නොවෙයි. පීසීආර්වලට අවශ්‍ය උඵකරණ නැති ඒ කට්ටල නොමැති ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන ජනතාව හා සෞඛ්‍ය දැනුම්වත් කරන්න ඕනෑ. පීසීආර් අඩු කරලා ‍වසංගතය අඩුවෙනවා කියලා වැරදි මතයක් දීම මේක භායන තත්ත්වයට ගෙන යාමක් කියලා තමයි කියන්න වෙන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!