spot_img
spot_imgspot_img

නිරෝධායන නීති නොතකන පිරිසක් ගැන වෛද්‍යවරයකුගේ සටහනක්

පුවත්

විදෙස්

සංචරණ සීමා පනවන්න යැයි සෞඛ්‍ය අංශ රජයෙන් කොතරම් ඉල්ලා සිටිය ද එලෙස සීමා පැනවූයේ නැත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද කියා සිටියේ සංචරණ සීමා පනවන ලෙස කරන ලද ඉල්ලීමට අනුමැති නොලැබුණු බවයි.

ඒ නිසා හැම තැනම සංචරණයේ යෙදෙන්නෝ සිටියහ. බොහෝ දෙනකු අවුරුදු නෑ ගමන් ගියහ. තවත් පිරිසක් විනෝද චාරිකා ගිය අතර වන්දනාවේ ගිය පිරිස් ද අති බහුතරයකි. අනුරාධපුරය, මහනුවර දළදා මාළිගාව, කතරගම දේවාලය මෙන්ම සිරීපාදය ද මිනිසුන් දස දහස් ගණනකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.

ඉන්දියාවේ කොරෝනා වේගයෙන් පැතිරෙමින් තිබෙන බවත් මහ මඟ මිනිසුන් මැරී වැටී ඉන්දියාව එකම අවුල් ජාලාවක් බවට පත්ව තිබෙන බවත් දැන දැන ම ශ්‍රී ලාංකිකයෝ මෙලෙස සංචරණයේ යෙදුණහ. මෙහි ඇති එක් ඡායාරූපයකින් පෙනෙන්නේ. අදින් දින දෙකකට පෙර යාපනයේ කෝවිලක තත්ත්වයයි. සිරීපාදය ද ඊට නොදෙවෙනිය. සිරිපා නගිද්දී සෙනඟ වැඩිවීම හේතුවෙන් එක් පඩියක අඩ පැයක් පමණ ගත කරන්නට වූ බව ඇතැමුන් සමාජ මාධ්‍යවල පළකර තිබුණේ උජාරුවෙනි.

රජය සංචරණ සීමා පනවන්න යැයි කියද්දී නුවඑළිය ග්‍රෙගරි වැව අසළ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිගේ සංවිධානයෙන් අවුරුදු උත්සවයක් ද පැවැත්විණි.

දැන් සියල්ල සිදුවී අවසන්ය. මහත් භක්තියෙන් සිරිපා කරුණා කළ පිරිසක් ගැන මේ පහත දැක්වෙන අපූරු සටහන අපට හමුවූයේ අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නලින් විජේසේකරගේ facebook පිටුවෙනි. ඔහු කියන්නේ වත්මන් කෙරෝනා වසංගත තත්ත්වය හමුවේ පත්ව ඇති තත්ත්වයේ සැබෑ හැඩරුවයි.

මේ වෙලාව කිසිසේත් කට්ටිය එකතු කරන් චාරිකා යාමට සුදුසු කාලයක් නොවේ… ගෙවල් 15කින් පමණ පිරිස එකතු කරන් සිරීපාදෙ ගිහින් ආවම ගියපු අය positive උනාම…

එම පවුල් සිටින ගමට එන අවධානම කොතෙක්ද…?

ඔබේ සතුට වෙනුවෙන් අපි pcr කරන්න කැපවී සිටින්නෙමු… ( ඕනෙ නම් තව තවත් trip යන්න)

අපිට හැකිදවස තෙක් මේ සේවාව ඉටු කරන්නෙමු.

අපේ කාර්යමණ්ඩලය අවදානමේ බව ඔබේ හැසිරීම අද පසක් කලේය…

වෙනදා ජනතාවගෙන් ලැබෙන සහයෝගයේ අඩුවක් අද දක්නට ලැබුණි…

නීරෝධායනය කල පිරිස් නිදහසේ ඇවිදින තත්වයක්…

තැන් තැන් වල කෙල ගසන තත්වයක්…

අපේ pcr කරන්නත් එපාලු…

හරි උබල ඔහොමම කරගෙන යන්න ….

මෙතරම් වගකීම් නැති අය මනු ලොවට කොහොම පහල උනාද…? ( හැමෝම,නොවෙයි)

.වෛද්‍යවරයා මේ පවසන්නේ ගාල්ලේ අම්බලන්ගොඩ පිරිසක් පිළිබඳවය. මේ යථාර්ථයයි.

1 COMMENT

  1. ලංකාවේ corona මර්දනය කරන්න උපකාරි වන්නේ,

    1. මිනිස්සුන්ගේ තියෙන කැපවීම් ඒ කැපවීම ඇවිල්ලා තියෙන්නේ මරණ බිය නිසා. ඒ වගේම තමන්ගේ හිතවත් අයට රෝගය වැලඳේ කියල තියෙන බය නිසා.

    2. ඒවගේම ඊටත් වඩා වැදගත් කාරණයක් වෙන්නේ මිනිස්සු දඬුවම් වලට බිය නිසා සමාජය ඉස්සරහ ලැජ්ජාව පත් කළාම corona නීතිරීති අනුගමනය කරනවා. ඒක රජය පැත්තේ සිදු වන්නේ නැහැ. පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ටීවී එකේ පෙන්නන කොට ඒකෙ තියෙන රූපරාමු වලින් එහෙම දැඩි බවක් පේන්න නෑ. පොලිසියේ මහත්වරුන් තදින් ඉන්නවා වෙනුවට පේන්නෙ නැහැ ෂේප් කතා බහ පමණයි. ඇත්තටම අර ඉන්දියාවේ වගේ තදින් හිටියා නම් මාර්ගය මත සිදුවන corona මර්දනය 100% සාර්ථක කරගන්න පුළුවන්. මේ තත්ත්වය මත මර්ගය තුල සිදුවන කොරෝනා මර්ධන කටයුතු වලින් ප්‍රතිඵල ලැබෙන්නේ 5% පමණයි. ඕක තේරුම් ගන්න ලොකු මොළයක් ඕනද ?. . අනිත් එක හැමතිස්සෙම මාධ්‍ය මගින් කොරෝනා ගැන සහ වෙනත් ඕනෑම කාර්ණයකදී කියන්නේ මහජනතාව බුද්ධිමත් කියලා. ඊට වඩා හිරිකිත කතාවක් ගොන් කතාවක් ඇත්තේම නෑ. මහජනතාවගේ බුද්ධිමත් කියලා හොඳට පේනවා කරන ගොන් ආත්මාර්ථකාමි වැඩවලින්.

    3. තවත් කාරණයක් මතක් කරලා දෙන්න ඕන. ඔය ත්‍රීවිල් රියදුරන්ගේ හැසිරීම් කොරෝනා ව්‍යාප්තියට ලොකු හේතුවක්. මොවුන් විසින් සමාජයේ බොහෝ කොටස් ප්‍රවාහනය කරනවා. රියදුරු inna ආසනේ සහ මගින් ගම්න් කරන ආසන වෙන් කරන්න පොලිතීන් ආවරණය අනිවාර්ය කරන්න ඇයි හිතෙන්නේ නැත්තේ ? මොලය තියෙන්නේ කොහෙද කියලා අහන්න හිතෙනවා.

    4. ත්‍රීවිල් රියදුරු mask පලඳින්නේ නැතිනම් අත්අඩංගුවට ගන්න. නැතුව ඒ මිනිස්සුන්ට පොලිසියෙන් බොරු බයිලා කියලා අවවාද කරයි කියලා හරියන්නේ නෑ. පොලිසිය ඉන්න තැන් පන්නල ගිහිල්ලා කරන්නෙත් ඕකම තමයි. ඊලග දවසේ කරන්නෙත් ඕකමයි. එක්කෙනෙකුට දෙන්නෙකුට දඬුවම් කරලා ඒක මාධ්‍යවලින් පෙන්නුව නං මුළු රටෙම ත්‍රීවිල් රියදුරුවරුන් ගානට හරි යයි.

Leave a Reply to pandula Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!