spot_img
spot_imgspot_img

පන්නල කොට්ඨාසයේ සියලු පාසල් වසා දමයි

පුවත්

විදෙස්

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හා පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු ද ආසාදිතයන් අතර සිටීම හේතුවෙන් පන්නල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් මැයි 02 දිනය දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශවලින් ලැබුණු නිර්දේශ සැළකිල්ලට ගනිමින් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ විසින් මෙම උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ගිරිඋල්ල වික්‍රමශීලාල විද්‍යාලය, පන්නල විද්‍යාලය සහ සඳලංකා යන ජාතික පසාල් ඇතුළු කොට්ඨාසයේ පාසල් 55ක් මෙලෙස තාවකාලිකව වසා තැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!