spot_img
spot_imgspot_img

පිළිකා හදන ඇෆ්ලාටොක්සීන් වැඩිපුර ඇත්තේ මිරිස්වල බවට අනාවරණයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඇති ආහාර වර්ග අතරින් වැඩිම ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණක් ඇත්තේ මෙරට සෑම පවුලක්ම ආහාර පිළියෙල කිරීමේ දී එකතුකරන වියළි මිරිස්වල බව මහාචාර්ය උපාලි සමරජීව පවසයි

වසර 30කට වැඩි කාලයක් පොල්තෙල් ඇතුළු විවිධ ආහාරයන්හි ඇති ඇෆ්ලාටොක්සීන් පිළිබඳ දීර්ඝ පර්යේෂණ සිදුකර ඇති මහාචාර්ය උපාලි සමරජීව මේ වනවිට කැනඩාවේ ජීවත්වෙයි.

ඇෆ්ලාටොක්සීන් පිළිබඳ rata.lk වෙබ් අඩවිය සමඟ අදහස් දැක්වූ මහාචාර්ය සමරජීව පැවසුවේ ශ්‍රී ලාංකිකයන් දිනපතාම ඇෆ්ලාටොක්සීන් මිරිස් සමඟ අනුභව කරන බවයි. හොඳින් ඉඳුණු මීරිස් වේලා ආහාර සඳහා පිළියෙල කිරීමේ දී එහි ඇෆ්ලාටොක්සීන් විෂ නිපදවෙන දිලීරය වර්ධනය වනබවත් ඒ ගැන කොතකා කෑලි මිරිස් හා කුඩුකළ මිරිස් ලෙස ශ්‍රී ලාංකික ජනතාව ඇෆ්ලාටොක්සීන් දෛනිකව සිය ආහාරයට එකතුකරගන්නා බවත් හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවට මිරිස් ගෙන්වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන වියළි මිරිස්වල ඇෆ්ලාටොක්සීන් අඩංගු බැවින් එම මිරිස් කිසිදු ආකාරයකින් යුරෝපා රටවලට යැවි නොහැකි බව ද මහාචාර්යවරයා කීවේය.

නමුත් ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් ව්‍යාපාරිකයන් ඉන්දියාවෙන් වියළි මිරිස් තොග ගන්වා ඒවා ශ්‍රී ලංකාවේ දී කුඩු හා කෑළි මිරිස් බවට පරිවර්ථනය කර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙස යුරෝපයට යවන බවත් පරීක්ෂා කිරීමේ දී ඇෆ්ලාටොක්සීන් අඩංගුබව හෙළිවන බැවින් මෙරට අනෙක් නිෂ්පාදන පවා එම රටවල් ප්‍රතික්ෂේප කරන බවත් මහාචාර්ය සමරජීව වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය උපාලි සමරජීව

1 COMMENT

  1. මේක වරින් වර එලියට ඇවිත් විකල්පයක් නැති නිසා යට යන ඛේදවාචකයක්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!