spot_img
spot_imgspot_img

නැගෙනහිර සිට උතුරට ආ විරෝධතා පෙළපාළිය

පුවත්

විදෙස්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහ මෙරට සුළුජාතීන්ට සිදුවන හිරිහැරවලට විරෝධය දක්වමින් උතුරු න‍ැගෙනහි ‍දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා ආරම්භ කළ පා ගමන ඊයේ (07) නිමාවට පත්විය.

මෙම පෙළපාළියට එරෙහිව යාපනය පොලිසිය විසින් සෑම දිස්ත්‍රික්කයකම අධිකරණ මගින් නියෝග ගෙන තිබුණ ද එම නියෝග නොතකා පෙළපාළිය පැවැත්විණි.

මඩකළපුව පොතුවිල් සිට මුලතිව්, වව්නියාව, කිළිනොච්චිය, යාපනය ඔස්සේ පසුගිය (03) වැනිදා සිට දින පහක කාලයක් ගමන් කළ මෙම පාගමන පේදුරුතුඩුව පෝලිකණ්ඩි ප්‍රදේශයෙන් අවසන්වනවිට ඊට විශාල පිරිසක් එක්ව සිටියහ.

මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය. මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට සෙනසුරාදා (06) ළඟා වීමෙන් අනතුරුව ඉරිදා (07) කිලිනොච්චියෙන් යළි ආරම්භ විය.
මෙලෙස යාපනයට පැමිණි විරෝධතා පාගමනට පාපැදි පෙළපාළියක් සහ රථ පෙළපාළියක්ද එක් වූ අතර ඒ සඳහා යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද එක්ව සිටියහ. එහිදී යාපනයේ පිහිටි හිටපු කොටි නායකයෙකු වූ තිලීපන්ගේ ස්මාරකය පිහිටි ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූපයක්ද සමගින් පහන් දැල්වීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.
උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්ධයෙන් අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම්වරුන් අදාහනය කිරීමට විරෝධය දැක්වීම ඇතුලු කාරණා කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.
විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රධානත්වයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව සිටි අතර  සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන්, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් එය මෙහෙයවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!